
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
සීගිරිය අභයභූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බැවින් වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරකින් සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර් කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වලවල් හාරා බොරලූ රැගෙන යාම සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති.
වසර කිහිපයක සිට ඉතාමත් හොර රහසේ මෙය පවත්වාගෙන ගොස් තිබෙන බවත් එතෙක් වන ජීවීන් නිලධාරීන් මෙය නොදැක්කාසේ සිටියේ කෙසේදැයි ඔවුහු වැඩිදුරටද ප්‍රශ්න කරති.
සීගිරිය වන ජීවී කාර්යාලයේ නිලධාරිනියකගෙන් විමසීමේදී ඇයද කියා සිටියේ ඔවුන්ගේ බලය ඇති සීගිරිය අභයභූමියේ ඇති විද්‍යුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන චන්ද්‍රිකා තාක්ෂණ අනුව නිරීක්ෂණයේදී වසර කිහිපයක සිට මෙය සිදුවන බවට නිරීක්ෂණය වූ බවය.
කෙසේ වෙතත් කිසිදු අවසරයක් හෝ අනුදැනුමකින් තොරව එය සිදුවන බවත් මෙසේ විනාශයක් සිදුවන්නේ සිගිරි අභයභුමිය තුළ බවද පැවසුවාය
කෙසේ වෙතත් මෙම මහා පරිසර විනාසය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක එස්.එස් මලින්ද මහතාගෙන් විමසීමේදී කියා සිටියේය
සීගිරි අභයභූමිය තුළ මෙවැනි මහා පරිමාණ බොරළු වළක් සදහා කිසිදු අවසර පත්‍රයක් ලබා දී නොමැති බවත් පෞද්ගලික ඉඩමක වුවද පස් කැණීම් සඳහා විධිමත් නීතිමය රාමුවක් පවතින බවද හේතෙම සඳහන් කළේය.

COMMENTS
අර දෙවැනි එහෙම මැරිලද දැන් ?තව සිංහරාජේ බේරාගන්න ආපු කෙනා කෝ දැන් ?
ඕකත් ඉතින් දේශපාලකයෙක්ගේ වැඩක් තමයි. වනජීවි නිලධාරීන්ටත් වාසියක් ඇති නිසා ඉතින් නොදැක්ක ගානට ඉන්නවා. ඕකතමයි ඇත්ත. ජය වේවා.
මේවට තමා නැවතත් කෑමෝල්, රාජපක්ෂ යුගයක් උදාකරන්න තටමන්නේ.
මාලිමාව ආවම පාර පනින එකටත් නීති ගේනවා කියාපු උන් අභය භූමියක්, පුරාවිද්‍යා භූමියක බොරළු කපනකොට නිදි, කුරුණෑගල ගල්කොරි කාරයෝ පුරාවිද්‍යා ස්මාරක වනසද්දී නිදි. මෙහෙම වෙන්නේ ඇයි ? උනුත් හොරු මුනුත් හොරු නිසා නොවෙයිද? මාලිමාවුන්ට ඉතිහාසේ ගැන තැකීමක් නැහැ උන් තිසා වැවේ බර වාහන යවන්නත් හැදුවා.
කෝ අපි පත් කරපු පරිසර ඇමතිලා, වනජීවී ඇමතිලා ?
ලංකාවේ ජවිපේ ආණ්ඩවක් තිබුණා නම් මේවා සදහටම නවත්තලා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න තිබුණා.