IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව අද (19) පියවර ගත්තේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කළ ද එයින් උද්දාමයට පත් නොවිය යුතු යැයි ද මෙතෙක් පවත්වාගෙන පැමිණි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යන්නැයි ද එරට බලධාරීහු ජනතාවගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියහ.

වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සිංගප්පූරුව මාස දෙකකට ආසන්න කාලයක් ‘අර්ධ ලොක්ඩවුන්’ සීමා පනවා තිබිණි.
සති ගණනාවක් වසා දමා තිබූ සම්භාහන ස්ථාන, ක්‍රීඩා ස්ථාන, මුහුදු වෙරළ, අනෙකුත් ස්ථාන ද මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට සිංගප්පූරු බලධාරීහු අද (19) අවසර දුන්හ.

මහජන එක්රැස්වීම්වලට අවසර දී ඇති නමුත් එක් අවස්ථාවකදී එක්රැස් විය හැක්කේ පස් දෙනකුට පමණි. එමෙන්ම මුඛ ආවරණ පැළැඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.

සිංගප්පූරුව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මුලින්ම සීමා පැනවූයේ පසුගිය අප්‍රේල් මස මුලදී ය. පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාර වසා දැමිණි.

සිංගප්පූරුව පරීක්ෂා කිරීම, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් අතර එම නිසා වයිරසය ව්‍යාප්ත වීම වළක්වාගැනීමට හැකියාව ලැබිණි.

සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7ක් වන අතර අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් තවදුරටත් නිවසේ රැඳී සිටින්නැයි ද එරට බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.

අග්නිදිග ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ සිංගප්පූරුවෙනි. සිංගප්පූරුවෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 41,000ක් ඉක්මවා ගොස් තිබිණි. ඔවුන්ගෙන් වැඩිදෙනා කුඩා නිදනකාමරවල සිටින විදේශික සේවකයන් ය. සිංගප්පූරුවෙන් වාර්තා වන මරණ ගණන 26කි.

‘‘හැමෝම මේ දවස එනතෙක් බලාගෙන හිටියා. ඒත් ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙලා සමරන්න යන්න එපා’’ යැයි ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් සිංගප්පූරූ අග්‍රාමාත්‍ය ලී සියේන් ලෝන්ග් පැවැසීය.

වයිරසය පැතිර යෑම අවදානමක් ඇති සිනමාශාලා, බීමහල් සහ රාත්‍රී සමාජශාලා තවදුරටත් වසා දමා ඇත.සජීවී සංගීත වැඩසටහන් සහ රූපවාහිනි වැඩසහන් පැවැත්වීමට ද මෙතෙක් අවසර ලැබී නැත. සජීවී සංගීත වැඩසටහන් සහ රූපවාහිනි වැඩසහන් පැවැත්වීමට ද මෙතෙක් අවසර ලැබී නැත. ව්‍යාපාර තුළ ද එවැනි වැඩසටහන් පැවැත්විය නොහැකි අතර එම සජීවී සංගීත වැඩසටහන් සහ රූපවාහිනි වැඩසහන්වලදී මෙන්ම ව්‍යාපාරික ස්ථානවලදී ද පාරිභෝගිකයන් හඬ නඟා කතා කිරීමේදී වයිරසය තිබෙන කෙළ බිඳිති පැතිර යෑමේ අවදානමක් තිබීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

.එෆ්.පී./රොයිටර්ස්

055 



අදහස් (0)

සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 531 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site