
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොවිඩ් අවදානම හේතුවෙන් මැතිසබයේදී මෙන්ම ඉන් පිටතදීත් සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ දී අද (4)ඉල්ලීමක් කළේය .
සියලු මන්ත්‍රීවරුන් මැතිසබේ දී මෙන්ම ඉන් පිටතදීත් මුඛ ආවරණ පැළඳ, දෑත් පිරිසුදු කරගෙන ,සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කිරීම වැදගත් බව ද කතානායක වරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු සේවකයින් ,ආරක්ෂක අංශ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ද සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් කටයුතු කළ යුතු බව ඔහු දැනුම් දුන්නේය .
කතානායකවරයා මෙම දැනුම් දීමක් කළේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි කාරණාවකට බයවෙන්න එපා මහත්තයෝ. අපට වරදින්නේ නැහැ. ඒ අය මේකට මොකක්හරි පිලියමක් අනිවාර්යයෙන්ම කරාවි.
කියනකම් තමා උන්නේ? පාර්ලිමේන්තුවේදී පැණිය බීපු අයටත් කෙළවෙච්චි එකේ තවත් කට මැද දොඩවනවා .
ඒකද මුළු රටම නොමග යවමින්, මිනිස්සු කුලප්පු කරමින් රටටම පෙනෙන්න දියවන්නවේදී පැණි බීවේ...?
අපිට අපි විතරයි කියලා අපි දන්නවා.