(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව කොරෝනා මර්ධන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති නිසා රට වසාගෙන සිටීමේ ප්‍රතිඵල ලැබේ යැයි සිතන්නට නොහැකි බවතරට වසාගෙන සිටි කාලයේ පීසීආර් පරීක්ෂණ විසි එක්දහසක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 16900කින් අඩුකර තිබෙන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
රට වැසීමකින් බලාපොරොත්තු වන්නේ රෝගීන් සොයාගෙන වෙන්කර ප්‍රතිකාර කිරීම මෙන්ම නිරෝධායනය කිරීම වුවත් ඒ කිසිම කාරණයක් නොකර කොරෝනා මර්දනය කළ හැකි යැයි සිතනවා නම් එය මිථ්‍යාවක් පමණක් බවද රත්නප්‍රිය මහතා කීය.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී රත්නප්‍රිය මහතා කීවෙි ආණ්ඩුව අද කිසිම සැලසුමකින් තොරව හෙට කන්න අද හම්බ කරන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ උදෙන්ම දැක්කෙ මේ මූණ නෙ.. දැන් ඉතින් දවසටම කැඳවත් නෑ
පුදුමයෙන් පුදුම සොයාගැනීමක්......කොහොමත් මිනිසුන් පය නොතබන තැන්වල මේ වගේ සියල්ලදත් "ලොන්ත බුරුවන්" සමර් සෝල්ට් ගහනවා කියන්නේ නිකමට නොවේ....
ඔක්කොටම ඉස්සෙල්ලා... සෞඛ්‍ය උපදෙස් දෙන්න තිබ්බා ඔයගොල්ලන්ගේම අර ගුරු සහෝදරයින්ට... වසංගත කාලේ රටපුරා අරගල කරනවට... වැදි බණ...
ඇත්ත ඇත්ත .ඉක්මනට ගිහිල්ලා පිරිමි නර්ස් ගෙන් උපදෙස් ගන්න
මේ අයමනේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් උද්ඝෝෂණ, පෙලපාලි ගියේ ..... වසංගතය පතුරැවන්නට මග පාදලා දැන් කියන දේ ......
ඇත්තෙන්ම මේ වගේ "අයට" වොයිස්කට්, මාද්‍ය සාකච්ඡ දෙන අයට මඩු වලිගෙන් තලන්න ඕනේ... වැඩකටම නැති කෙනෙක් මේ නම්.....
බිම් මට්ටමේ සේවය කරන අපට නම් පෙනෙන්නේ නව ආසාධිතයින් ප්‍රමාණය අඩුවෙමින් යන බව හා ඒ සමග කළ යුතු පරීක්ෂණ ප්‍රමාණය අඩුවෙමින් ඇති බවයි. තම වගකීම් සිතට ගෙන අවබෝධයෙන් කටයුතු කර මේ අවාසනාවන්ත පරිච්ඡේදය ඉක්මනින් නිමවා ගනිමු.
මෙයාගේ වැඩේම උඩුබුරන එක විතරයි. මෙලෝ රහක් නැහැ.
මෙයා කියන්නේ රටේ මිනිසුන්ට ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා වෙන්නැති.
මෙයාට වෙන පින්තුරයක් දානනකො
ඔය බොරු පීි සී ආර් කරන ඒක නවත්තනන