ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී රුවල් යාත්‍රාවත් පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත්කිහිප දෙනකු අතුරුදන් බව පැවැසිණි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික මයික් ලින්ච් ද අතුරදන් පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු මෙම රුවල් නැව, අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 22 ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ. අයහපත් කාලගුණය අනතුරට හේතුව විය.
යාත්‍රාවේ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටි බව වාර්තා විය. ඊට අමතරව අමෙරිකා, සහ කැනඩා ජාතිකයින් පිරිසක් ද යාත්‍රාවේ සිටි බව පැවැසෙයි. අනතුරින් බේරාගත් 15 දෙනකුගෙන් 8 දෙනකු රෝහල් ගත කර ඇති අතර, ශ්‍රි ලාංකිකයා ද ඒ අතර සිටින බව වාර්තා වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුඛෝපබෝගී යාත්‍රාවක් අනතුරේ