(ආරියරත්න රණබාහු)
ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු අධ්‍යන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙල අනුව මෙම තීරණය ගත් බවද ඇමතිවරයා කීය.
මේ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා ගණිත තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලුතෙන් ගුරුවරුන් තුන්දහසක් බඳවා ගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය .
මෙම සතිය තුළ එම පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන කරන බවද හෙතෙම සඳහන් කළේය
ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීම අවස්ථාවට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම කරුණු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙල විෂය ධාරා වලට එතකොට සාමාන්‍ය පෙල ප්‍රතිඵල අදාල නැති ද... තවත් අවුල් ජාලයකට මුල..
A/L කියන්නේ O/L රිසාල්ට් එක මත බේස් උන විභහගයක් .එතකොට කොහොමද එහෙම කරන්නේ ,අනිවාර්යයෙන්ම O/L ෆේල් වෙන පිරිසක් ඉන්නවා.අනික A/L පන්ති 3 ක් කරන්න ගුරුවරු , පන්ති කාමර කිසිම පාසලක නැහැ.මේක ප්‍රශ්න රැසක් නිර්මාණය කරන අවුලක්.එක්සෑම් කල් යන අවුලට වඩා ලොකු අවුලක් වේවි
මුන්ට අමු කැවිලාද කොහෝදෝ, ළමයෙක් ලියපු විභාගයේ ප්‍රථිපලය නියමිත වේලාවට දෙන්න බැරි එක හඳනවා වෙනුවට ළමයි අසරණ කරන වැඩක් මේ කරන්න හදන්නේ. මුන්ට ඉදිරි ඡන්දයත් එක්ක මොළේ විකාති වෙලා පිස්සු කෙලිනවා. අඩුම ගාණේ ගියවර උසස් පෙල ප්‍රථිපලය නිකුත් කරන දිනයක් නිශ්චිතව පුළුවන්නම් කියපල්ල බලන්න.