IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ෂෙයික් හසීනාට මරණ දඬුවම ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා 5ක් යටතේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අනිද්දා (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර රජයේ නීතිඥවරුන් හසීනාට මරණ දඬුවම නියම කරන ලෙස විනිශ්චය සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් පසුගිය වසරේදී ඇතිවූ විරෝධතා වලදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට ෂෙයික් හසීනාට එරෙහිව චෝදනා එල්ල වූ අතර රජයේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ කුමක් හෝ කර බලයේ රැඳී සිටීම ඇයගේ එකම ඉලක්කය වූ බවයි. එම විරෝධතා දැඩිවීමත් සමග අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇය ඉන්දියාවට පළා ගිය අතර ඉන්දියාවෙන් ඇයට දේශපාලන රැකවරණ හිමිවිය.

එම විරෝධතාවලදී 1400ක් පමණ මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ අතර බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම විරෝධතාවලදී 800 ක් පමණ මියගොස් තවත් 14,000 ක් පමණ තුවාල ලබා ඇති බවයි.

බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධාන රජයේ නීතිඥ මොහොමඩ් තාජුල් ඉස්ලාම් ප්‍රකාශ කර සිටියේ ෂෙයික් හසීනාට විරෝධතාවලදී මියගිය 1,400 දෙනා වෙනුවෙන් මරණ දඬුවම 1,400 වතාවක් හිමිවිය යුතු බවය. එය සිදුකළ නොහැකි ක්‍රියාවක් නිසාවෙන් හසීනාට මරණ දඬුවම නියම කළ යුතු බව ඉස්ලාම් පැවැසුවේය.

 



අදහස් (0)

ෂෙයික් හසීනාට මරණ දඬුවම ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site