IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ශීත ඍතුවට නව ගුවන් සේවයක්

(ටී.කේ.ජී.කපිල)

ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight) "ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස්  ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරන මෙම ගුවන් යානය  ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද ළගා විය .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ. - 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර (Water Salute) පවත්වා උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීමට කටයුතු යොදා තිබුණි .

ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ .

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් අගහරුවාදා සහ සෙනසුරාදා දින වල කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .



අදහස් (0)

ශීත ඍතුවට නව ගුවන් සේවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site