
(විමුක්ති එස් රුද්රිගූ)
ශ්‍රී ලංකාව පහළ මට්ටමේ මැදි අදායම් රටක සිට ඉහළ මට්ටමේ මැදි අදායම් රටක් ලෙස වර්ගීකරණයේ ඉහළට පැමිණ ඇතැයි ලෝක බැංකුව අස ප්‍රකාශ කළේය.
වර්ගීකරණයේ ඉහලට පැමිණීම මෙරට ඒක පුද්ගල ආදායම ගෝලීය සන්ධිස්ථානයක් පසු කළ බවට නිල හඳුනාගැනීමක් බවද ලෝක බැංකුව පැවසුවේය.
මෙරට ආදායම ඉහළ ගියද ඉන් සියලු ජනතාව අතර ආදායම බෙදී යන ආකාරය හෝ මෙරට ලබාගෙන ඇති ප්රගතියෙන් දැඩි අවධානමට ලක්වූ පවුල්වලට ප්රතිලාභ අත්වී ඇත්දැයි යන වග පෙන්නුම් නොකරන බව ලෝක බැංකුව සඳහන් කළේය.
තවමත් මෙරට බොහෝ පවුල් ආර්ථික අර්බුදයෙන් එල්ල වූ පීඩනයන් කළමනාකරණය කර ගනිමින් සිටින බවත් මේ රට දුප්පත්කමින් පෙළෙන ජනතාව ආර්ථික අර්බුදයට පෙර සිටි මට්ටම දක්වා තවමත් පහළට පැමිණ නැති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී සියයට පහක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත්තත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වෙමින් පවතින බවත් ලබන වසරේ සියයට 3 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇතැයි පුරෝකතනය කර ඇති බවත් ලෝක බැංකුව පෙන්වා දුන්නේය. ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස අඛණ්ඩව සිටීමට නම් ලැබූ ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පමණක් ප්‍රමාණවත් නොවනු ඇති බවත් ව්‍යුහාත්මක ප්රතිසංස්කරණද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය ඉදිරියට පැමිණීම මෙරට සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් ලබාගෙන ඇති බවට පෙන්නුම් කරන බවද ලෝක බැංකුව පැවසුවේය.
මීට පෙර 2019 වසරේදීද ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණයේ ඉදිරියට පැමිණි බවත් නමුත් වසරක් තුළ නැවතත් පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණයේ පහළට පැමිණෙමින් ආර්ථික අර්බුදයකටද මුහුණ දුන් බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු අන්දමින් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5ක් ලෙස සඳහන් වන බවත් ලෝක බැංකුව පැවසුවේය. මෙරට කර්මාන්ත හා සේවා අංශය සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමෙන් සියලු දේ අවසන් නොවන බවත් ලබාගත් ප්රගතියේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන නොගියහොත් ලබන වසරේදී ශ්‍රී ලංකාව පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් වර්ගීකරණයේ පහළට පැමිණෙනු ඇති බවත් ලෝක බැංකුව පැවසුවේය. ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන බවද ලෝක බැංකුව පෙන්වා දුන්නේය. කෙසේ නමුත් මෙරට ණය ප්‍රමාණය තවමත් ඉහළ බවත් රාජ්‍ය ණය ප්‍රමාණයද තවමත් ඉහළ බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයෙන් පසුව මේ වන විට ශ්‍රී ලංකාව වේදනාකාරී ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය අවසන් කර තිබෙන බවද ලෝක බැංකුව පැවසුවේය. එම නිසා මෙම ප්‍රගතියට හේතු වූ මූල්‍ය විනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම ඉතා වැදගත් බවද ලෝක බැංකුව පෙන්වා දුන්නේය. දකුණු ආසියානු රටක් ඉහළ මට්ටමේ මැදියාදායම් ලබන රටක් බවට පත්වීම දුර්ලභ සිදුවීමක් බවත් ශ්‍රී ලංකාව එම තත්ත්වය ලබාගෙන තිබෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මානව සංවර්ධනය යන දර්ශක වල ශ්‍රී ලංකාව දකුණු ආසියානු සාමාන්‍ය අගයට වඩා ඉහළින් සිටින බවද ලෝක බැංකුව පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට ඉතින් කෝහෙන් සිනාසෙන්නද මන්දා?
පච කුමාරගේ කෙබර වලට ලෝක බැංකුවත් අහුවෙලා වගෙයි...!
එතකොට 2048 වෙනකල් ඉන්න ඕන නැද්ද?
අපේ රටට පුනරුදය උදාවෙලා මිත්‍රවරුනි. උම්ම්බෑ