IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ශෂීන්ද්‍රට ඇප

(රෝෂන් තුෂාර)

අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා   රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද ඇප නියම කළේය.

සැකකරුගේ රෝගී තත්ත්වය,දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම සහ විමර්ශන බොහෝ ප්‍රමාණයක් අවසන් කර තිබීම  යන කරුණු සලකා බලා ඇප නියම කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ,ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  සැකකරුගේ විදෙස්ගත ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.  

කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට  රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන්    හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප නියම කෙරිණි.



අදහස් (2)

ශෂීන්ද්‍රට ඇප

ගමේ එකාලා ලැජ්ජයි Tuesday, 14 October 2025 03:48 PM

හිරේ ඉන්නකොට බලන්ඩ නොගිය මැදමූලනේ උදවිය දැන්වත් බලන්ඩ එයිද කවුද දන්නේ?

:       0       1

Ekanayake Tuesday, 14 October 2025 03:53 PM

මේ අයට ඇත්තටම දඬුවම් දෙනවා අපේ ලබන ආත්මයේදී වත් දකින්න පුළුවන වෙයිද මන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 856 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site