IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති

(මනෝප්‍රිය ගුණසේකර)

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය පිරිසක් සහ මාපියෝ පිරිසක් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (15) ගොනු කළහ.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවත්වු පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් පැතිර ගිය බවත් ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙම ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු විසින් ලබා දී ඇති බවට කරුණු හෙළි වු බවත් ස`ඳහන් කරන පෙත්සම්කරුවෝ ඉන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද කියා සිටිති. කැස්බෑවේ පදිංචි ජී. මංගල සහ ඇගේ දියණිය ඇතුළු 54 දෙනෙකු ගොනුකොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවත්වු පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් මෙම පෙත්සම ගොනු කරමින් අදාළ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ අඩංගු ප්‍රශ්න පත්‍ර තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් ඇති වු බවත් ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අදළ ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු විසින් ලබාදී ඇති බවට කරුණු හෙළි වු බවත් සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ඇගයීම් අත්හිටු විමට ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළ බව පවසන පෙත්සම්කරුවෝ මින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද පවසති.

 



අදහස් (0)

ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site