
(මනෝප්‍රිය ගුණසේකර)
අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්‍ෂ 88 1/2 ක වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (04) නියම කළාය.
ඇප අයැදුම්පත සම්බන්ධයෙන් එදින කරුණු තහවුරු කරන ලෙස විනිසුරුවරිය නියම කළාය.
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කර ඇති ඇප ඇයැදුම්පතේ වගඋත්තරකරු වශයෙන් අල්ලස් කොමිසම නම් කර ඇත.
සෙවනගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2023 වසරේ සිදුවු අරගලය අතරතුර කිසියම් පිරිසක් විසින් විනාශයට පත් කිරීමෙන් පසු හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළට වු හානිය වෙනුවෙන් රුපියල් 88,50000/- ක වන්දි ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 06 වැනිදා අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තමන් රිමාන්ඩ් බාරයට පත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇත.
තමන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම අගෝස්තු 12 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ශේප කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටී.
ත්‍පත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශෂීන්ද්‍රගේ ඇපෑලට දින දෙයි
පිටිගල මිලානෝ Thursday, 04 September 2025 06:02 PM
වත්කම රුපියල් කෝටි හාරදාහක්….!!!
අචලා Thursday, 04 September 2025 06:11 PM
එතනෝල් හාමිනේ කියන්නේ මෙයාගේ බිරිද... දැන් ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ. මාතලේ බාර් වසන්ත ලක්ෂ්මන්ලාගේ ලයිසන් වල තියෙන්නේ මෙයාගේ නම. මෙයා ගැනත් සොයා බලන්න..
ගමේ එකාලා Thursday, 04 September 2025 11:43 PM
දූෂිත පව්ල් පාලනේ රාජපක්ෂලා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගෑවිච්චි කෙනෙක් ඇත්නම් හොරෙක් හිරේ ඉන්න පව්ලේ කෙනාව බලන්න කව්රුවත් ගිහින් නැහැලු...
සියුමිනි Friday, 05 September 2025 03:58 AM
කපුටාව අල්ලාගෙන එන්නේ කවදාද?