IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රිලනීපයේ තනතුරු වැඩි කරලා

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂ සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කර ඇත.

පක්ෂයේ මීට පෙර සිටි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හතර දෙනාගේ සංඛ්‍යාව මේ වන විට අට දක්වා වැඩි කර ඇත.

ඒ අනුව, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලෙස්ලි දේවින්ද්‍ර, ෆයිසර් මුස්තාපා , අංගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත් කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මුලදී කටයුතු කළ අතර ඔවුහු ආණ්ඩුවට එක් වීම හේතුවෙන් එම තනතුරුවලින් ඉවත් කරනු ලැබ සිටියහ.

මේ අතර, පක්ෂයේ උප සභාපතිවරුන් සංඛ්‍යාව 10 සිට 12 දක්වා ද උප ලේකම්වරුන් සංඛ්‍යාව 8 සිට 10 දක්වා ද වැඩි කර ඇත.

ආණ්ඩුවට එක්ව ඇමතිකම් දරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් වැඩිදෙනකු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත්, සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභා රැස්වීමටත් සහභාගි වී ඇත.

 



අදහස් (2)

ශ්‍රිලනීපයේ තනතුරු වැඩි කරලා

ජයලත් Sunday, 23 July 2023 06:46 AM

මෛත්‍රීපාල ඉන්නකන් පක්ෂය ඉවරයි..

:       0       1

Kazi Shajahan Sunday, 23 July 2023 11:07 AM

පොඩි මිනිස්සුන්ට එක විදිහක්, ලොකු මිනිස්සුන්ට තව විදිහක්... කොන්ද පණ නැති පක්ෂයක් වෙලා දැන් SLPF...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site