
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බවත්, ඔවුන් පක්‍ෂ ස්ථාවරයට පටහැනිව තම තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂා පෙරදැරිව මෙම අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවත්, එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන ඇති බවත්, එය පසුගිය දා පැවති පක්ෂ 71 වන මහා සම්මේලනයේදී, පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ඒකමතිකව අනුමත කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිඳු එකඟතාවකින් තොරව අත්තනෝමතිකව මන්ත්‍රීවරුන්ට තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ අප යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බව යැයි පවසන හිටපු ජනාධිපතිවරයා ඒ නිසා යළිත් බිහිවන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බලලෝභී සාම්ප්‍රදායික ආණ්ඩුවක් පමණක් යැයි ද සඳහන් කර තිබේ.
සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර, පක්ෂය හෝ පක්ෂ නායකත්වය සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සහය දෙන බව පොදු මහජනතාවට ව්‍යාජව ඇඟවීම සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය තනතුරු පිරිනැමීමේ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන්ද පක්‍ෂයේ කනගාටුව පළ කරන බව හිටපු ජනාධිපතිවරයා කියා සිටී.
එය, මහ නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ආගමික පූජකතුමන්, විද්වත් හා වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රීයාකාරින් ඇතුලු පොදු මහජනතාවගේ මතය නිර්දය ලෙස බැහැර කිරීමක් මෙන්ම රටේ උද්ගත ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා පිණිස සහයදීමට අපේක්ෂාවෙන් දේශපාලන ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු නොසලකා හැරීමක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍යධූර භාරගැනීම මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාවගේ උන්නතිය උදෙසා පක්‍ෂය ගෙන යන අනාගත දේශපාලන වැඩපිළිවලේ ජයග්‍රහණ සඳහා කිසිසේත්ම බලනොපාන බව තරයේ අවධාරණය කරන බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පාලනය කරන දියවන්නාවේ කට්ටිය සියලුම දෙනාත් ජනාධිපති ඇතුළු සියලු දෙනාම පළාත් සභා සියලු නියෝජිතයින් ආණ්ඩුකාරවරු පිරිසත් පළාත් පාලන ආයතන නියෝජිතයින් සියලුම දෙනාත් රටේ ඉහළම තනතුර දරා නැවත පහළ තනතුරු දරන සැවොමත් කටයුතු කරන්නේ පුද්ගලික ලාබ සඳහා කියලා තමුන්නැහැ දන්නේ නැද්ද?
ඔයා තොත්ත බබා... ඔයා කියලා තමයි මේ අය සියල්ලම ඇමැතිකම් ගන්නේ... ඒ ඔයාගේ ජාමෙ බේරුම තියාගන්න රෙද්ද පල්ලෙන් නරි වාදම් බේරෙනවා කියන්නේ ඕකට තමයි ග්‍රාමසේවක මහත්තයෝ...
දේශපාලුවන් කියන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිතයින් මිස වෙන කවුද?
2015 දී රට බංකොලොත් වෙන බව දැනගෙන, රට ගොඩගන්න ජනතාව ඔබව බලයට පත් කළා . ඔබ රට අමතක කරලා පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් සියලු දේ පාවල දීපු නිසා අද ජනතාව එක වේලක්වත් කන්න නැතුව දුක් විදිනවා . තවමත් ඉක්මනට මේ ප්‍රශ්නය විසදන්න උදව් නොකර බය්ල ගසමින් සිටිනවා . අර මොන නරකාදියද හීනෙන්වත් පෙනෙන්නේ නැද්ද ?
All of them involved for these types of works as well as you and your colleagues my dear.
පොහොට්ටුවෙන් ඡන්ද අරන් ගිය අය ඔක්කොම එකයි. ඇමතිකමක් ලැබෙනක්ම ස්වාධීන වෙලා ඉන්නවා. ඒක නැතුව ගියාම ආපසු එනව. නිකම් ජනතාව ගොනාට අන්දන නාඩගම්. රටේ මිනිස්සුන්ට කන්න විදියක් නෑ. මුන් සමයං නටනව.
Ruined the SLFP by them with including you also..
අනෙ දෙවියනේ මුන්ට මොකද මෙ වෙලා තියෙන්නෙ. රට අන්තිම නරකාදියට පත් වෙලා තියෙන්නෙ. මුන් පක්ශයක් අල්ලන්. කැඝනවා. සුද්දා එක්ක සටන් කොරනකොට ත්. මෙ පක්ශ බේද තිබුනද. සෙරමලා රට වෙනුවෙන් සටන් කරලා නිදහස ගත්තා. ඒ රට මුන් එකතු වෙලා. කරන්න ඔනා සෙරම බලු වැඩ කරලා. මොලයක් නති පපුවක් නැති. අස් කන් නැති තිරිසන්නු වගෙ. රට විනාස කෙරුවා. ඒත් මුන්ට එවා වැඩක් නැහැ. මුන්ට ඔන පක්ශය තියගෙන. බොරු ඇමති පට්ටම් අරගෙන. හොරාකන්න. රට දියුනු කරලා. ජනතාව නැතිබැරි කමින් මුදවලා. මුන්ගෙ ඉතිහස ගත කරන්න කැමති නැහැ. අඩුම ගානෙ. සාමාන්‍ය පුරවැසියට තියෙන පිලිගැනිමවත් මුන්ට නැහැ පැරදිලා. වෙන රටකට හැන්ගෙන්න යනකොට. සියලුම වැසියන් එකතුවෙලා එක රැයින් මුන් සෙරම එලවන්න ඔන. රටින් යනකම්ම. 250. එකෙකුට ඉන්න දෙන්න නරකයි.
මොකද අනික් පිරිස රාජ්‍ය ඇමතිකම් ලබාගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිව නොවෙයිද? පුතාට සවිදායක කම දුන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිව නොවෙයිද ?මේ හාදයා බණ ටෝකින්.
එතකොට මහින්දට අහමැති කම දුන්නෙත් ලාබප්‍රයෝජන ගන්න වෙන්න ඇති මේ වගේ උන් දේශපාලනයෙන් අතුගාදමන්න ඕන.
ඔහෙලා ඔක්කොම දේශපාලනය කරන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා වලට මිසක් සත් භාවයෙන් රටේ දියුණුවට සේවයක් කරන්න නෙමෙයි
කොයි දේසපාලුවත් ඔහොමමයි.. බලයට එන්ඩ ඔයතරම් වළිකන්නේ සියලුම වරප්‍රසාද බුක්ති විඳිමින් තමුන්ගේ මඩිය තරකරගන්ඩ තමා.