(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම් වෙන වෙනම සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබිණි.
එක් උත්සවයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ බණ්ඩාරනායක මහතාගේ දියණිවරුන් වන හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසලදී අද උදෑසන 8.30 ට පැවති අතර, අනෙක් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී උදෑසන 9.30ට පැවැත්විණි.
බණ්ඩාරනායක පිළිරුව අසල පැවති උත්සවය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්‍ෂයේ ඇමතිධූර දරණ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප හිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස්, නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරු, බණ්ඩාරනායක මහතාගේ දියණියක වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ තවත් දේශපාලනඥයන් පිරිසක් ද සහභාගී වූහ.
නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති උත්සවයට එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු එම පක්‍ෂ සාමාජිකයෝ පිරිසක් එක්වූහ. මෙම උත්සව දෙකම චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබිණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)
බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන
වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.
සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ
නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක
රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ
ganegoda Sunday, 08 January 2023 02:41 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහත්තයාව සමරන්න ‘‘හාමුදුරුවරුන්ට අටපිරිකර පූජාකිරීම හොඳ දෙයක්... ඒත් අපි දැනගන්න කැමැතියි මොනවා වෙලාද? බණ්ඩාරනායක මහත්තයා නැතිවුණේ කුමක් නිසාද?
SWRD. XYZ Sunday, 08 January 2023 05:07 PM
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු අන්තිමේදි ඔක්කොම හොරු.. අද මේ රට ලෝකෙන්ම කොන්වෙලා අන්ත දුප්පත් වෙන්න ඡන්ද ගුණ්ඩුව හේතුවුණා. රටේ අය පට්ට සිංහල කරලා එයාගේ ළමයි, ළමයින්ගේ ළමයි ඔක්කොම කේම්බ්‍රිජ් යැව්වා.. රටේ එවුන්ට දූපත් මානසිකත්වයක් හදලා අද හැම අතින්ම රට කොන්වෙලා...
sisilSunday, 08 January 2023 05:55 PM
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු අන්තිමේදි හැමෝම රටේ දියුණුවට කෙසේ වෙතත් හොර Unions බවට පත් කරගෙන රට විනාශ කරමින් සිටි.
කල්ප Monday, 09 January 2023 06:13 AM
සහතික ඇත්ත උන්නැහේ කරපුදේ නිසා තමයි රටේ අවුරුදු තිහක යුද්ධය ආරම්භ වුනේ.පුද්ගලික අංශය විනාශවී ලංකාව හිගන රටක්වුනේ හාමුදුරුවෝ දේශපාලුවො වුනෙත් ඒ නිසා තමයි ඉතාමත් උසස් අධ්‍යාපන ක්‍රමයක් තිබුන පිරිවෙන් රජයට ගත්තා උන්නැහේලට තිබුන වත්කම් වලට සමාන වත්කම් වෙනත් අයටත් ලැබේවි සිතා අන්සතු සැපතට ඊර්ෂ්‍යා කර ඒවා පවරාගැනීම් කලා එයින් ඒවා බොහොමයක් විනාශ වුනා හාමුදුරුවෝ රැකියා සදහා ගත්තා බුදු දහම විනාශයට පත්වෙනවා රට පක්ෂ ජාති ආගම් වලට බෙදුනා.කොහොමින් කොහොම හරි ඔක්කොටම උන්නැහේගෙ සොහොන අමතක වෙලා කියලා පේනවා
sampath Sunday, 08 January 2023 06:28 PM
නරකද කට්ටියම එකතුවෙලා සාංඝික දානයක් දුන්නා නම්? ඔය සමරු උත්සව කියන ඒවා ආසියාතිකයින්ට හුරුපුරුදු දේවල් නෙවෙයි.
siri Sunday, 08 January 2023 06:49 PM
එකක් අත අනෙක කකුල වෙන්න ඇති. අනේ අපොයි මේ රටට වෙච්ච දෙයක්.
Lalith M Sunday, 08 January 2023 09:07 PM
අද ලංකාව මුහුණ දෙන තත්ත්වය ඇතිවීමට මූලික පදනම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නම් මුලාව. බල තන්හාව නිසා ඇටවූ පංච මහා බලවේගය නම් අපරාධය නිසා ලංකාව ජාති ආගම් පදනම මත බෙදුනා. ඒ වගේම ජනසතු ව්‍යාපාර කියන සංකල්පය නිසා දේශීය ධනවතුන් විනාශ වුනා. අවසාන ඵලය ආයෝජනයට මුදල් විදේශ ගසාකන්නන් වෙතින් ලබාගත යුතු වීම. අද අපිට ජාතික අනන්‍යතාව නෑ.
Perera Sunday, 08 January 2023 09:08 PM
ඔය මිනිහ තමයි ලංකාව විනාශ කරන්න මුල්ගල තිබ්බෙ.
ලුම්බිණි Monday, 09 January 2023 04:36 AM
දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා අද අපේ රටේ තිබෙන ප්‍රශ්න වලට වැඩි පුරම වග කිවයුතු පුද්ගලයෙක්.
sugath Monday, 09 January 2023 11:51 AM
ඔහුගේ සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු සමග අපේ ජනතාව දෙකඩ කළ අතර එහි දුක්ඛිත ප්‍රතිඵලය දැන් අපි දකිමු.
චන්දිම Tuesday, 10 January 2023 11:32 PM
අර මනුස්සයා මෙතැනත් නිදිකිරා වැටෙනවා...
podiaarachchi Wednesday, 11 January 2023 05:44 AM
බණ්ඩාරනායකලා උනත් රාජපක්ෂලා උනත් ,අපි පවුල් වාදයට විරුද්ධයි