
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරුන් හමු වී එජාප සාමාජිකත්වය ලබා ගත් සුමිත් ලාල් මැන්දිස් මහතා පැවසූයේ වසර එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුලත රට ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික දර්ශනයට සහාය දක්වන බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ පිරිසක්ද සුමිත්ලාල් මහතා සමග එජාපයට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද පදනමක් තියන අයද මේ..?
ඔය දෙකෙන් කොයි එකේ හිටියාම මොකද? දෙකම එකමනේ...!
මේ හැමදාම අපි දකින විහිළුව...!
ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී .. මෙවර එජාප ජයග්‍රහණය කල යුතුමයි
මේ මනුස්සයට දේශපාලන දැනීම තියා, සාමාන්‍ය දැනීමවත් නැහැ. අවුරුදු එක හමාරා රනිල් කලේ මොකද්ද කියල දන්නෙත් නැහැ.
මෝඩයි, මරිමොඩයි.
අදමයි දැක්කේ කියන්න තියෙන්නේ සුමිත් ලාල් මැන්ඩිස් මහතාට දෙවියන්ගේම පිහිටයි කියලා
ඔය පක්ෂ දෙකම එකතු කලත් චන්ද 5% වත් ගන්න බැහැ ,
රියදුරෙක් ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ .කළුතර හැංගිලා ඉන්න ජන-අප්‍රිය පුද්ගලයෙක්...
මේ මොහොතේ වෙන්න ඕනේ දේ ,සියලු දෙනා එකතුවෙලා රට මේ වලෙන් ගොඩ ගැනීම නිසා මට විතරයි පුළුවන් කිය කියා වාචාල කීම නොවෙයි .අවුරුදු 55 ක් රට ආපස්සට හරවපු මිනිස්සු හදන්න ඉල්ලනවා .මේ රටේ හදන්න දෙයක් නෑ. අලුතින් මේ තියන එක පවත්වා ගැනීම විතරයි තියෙන්නේ .පොඩි පොඩි උපදෙස් එක්ක
අවුරුදු 55ක් රට ආපස්සට හරවපු මිනිස්සු හදන්න ඉල්ලනවා. මේ රටේ හදන්න දෙයක් නෑ. අලුතින් මේ තියන එක පවත්වා ගැනීම විතරයි තියෙන්නේ...!