IMG-LOGO

ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 140 ක ආයෝජන

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

පළමු කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412 ක ආයෝජන යෝජනා 33 ක් ලැබී ඇති බවත් එම ආයෝජන අතර ඉන්ධන සහ පුණර්ජනනීය බලශක්ති  ප්‍රභවයන් (සූර්ය සහ සුළං), බර කර්මාන්ත, සැපයුම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන තිබෙන බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එම ආයෝජන යෝජනා සංඛ්‍යාව 2021 වසරේ කාර්තුවට සාපේක්‍ෂව සියයට 80 ක වර්ධනයක් යැයි කියන ආයෝජන මණ්ඩලය වසංගත සහ අස්ථාවර ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම නොතකා නව ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ව්‍යාපෘති පුළුල් කරගැනීමට එම මණ්ඩලය ආරම්භ කළ වැඩපිළිවෙල සමත්ව ඇති බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා ස්ථාපිත කළ නව ආයෝජන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය ඔස්සේ ආයෝජකයන්ට අවශ්‍ය සමස්ත ආයෝජන ක්‍රියා පටිපාටිය රජයේ සෙසු රේඛීය ආයතනය සමඟ එක්වී වඩාත් පහසුවෙන් ඉටුකරගැනීමට හැකි ඇති බවත් මෙය වත්මන් විදේශ විනිමය අර්බුදය ජයගැනීමට ප්‍රධාන සාධකයක් වනු ඇති බවත් ආයෝජන මණ්ඩලය කියයි.



අදහස් (2)

ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 140 ක ආයෝජන

Jagath Wednesday, 06 April 2022 04:39 PM

හොයලා බලන්න ඕනා ආයෝජනය කරනව කියලා අපේ රටේ සම්පත් ඉන්දියාවට,ඇමරිකාවට,චීනයට වික්කද කියලා.මොකද මේ පොහොට්ටුව ආන්ඩුවේ වැඩිපුරම තියෙන්නේ වැඩක් නැති කැටයම්.

:       0       0

chandima Wednesday, 06 April 2022 07:19 PM

මේ ආයෝජනවලින් වැඩි හරියක් ලංකාවේ සල්ලි පිටට ගෙනියන ඒවා මිසක් ලංකාවට විදේශ විනිමය උපයන එව්වා නෙමෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 407 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 980 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1359 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site