
(කේ. බුද්ධික කුමාරසිරි)
දුනුවායන් 128 දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි හතලිහකදී ඊතල 30,000 විදිමින් දුනු විදීමේ නව ලෝක වාර්තාවක් තැබීමට ශ්රි ලාංකාවට අද (16) සමත් විය.
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී මෙම වාර්තාව තැබීය.
ඉන්දියාව මෙයට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියූ අතර ඔවුන් දුනුවායන් සිය දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි තිහක් ඇතුලත ඊතල 17,000 විදිමින් එම වාර්තාව තබා තිබුණි.
මෙම ලෝක වාර්තාව තැබීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය.
සැජිටේරියන් දුනු විදීමේ ක්රීඩා සමාජය සහ රේස් කෝස් දුනු විදීමේ සමාගම මගින් මෙය සංවිධානය කර තිබුණි.
ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වෝර්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක වාර්තාව බිහි කළ බවට සහතිකය ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත ප්රදානය කල අකාරය ඡායාරූපයෙන් දැක් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ප්රවෘත්තිය බලනකොට නිකම් හිතුන මිට කලින් මේ වාරතාව තියන්න ඇත්තේ ආසියානු රටක් වෙන්න ඇති කියලා. කොහොමත් ඉන්දියාවයි ලංකාවයි කියන්නෙ සමාන අදහස් කියෙන රටවල්
සුභ පැතුම් .දුනු විදීමේ වාර්තාව අපේ ක්රීඩකයින් තිබ්බා වගේම .ජනතාවගේ කන විදීමේ ලෝක වාර්තාවත් අපේ දේශපාලකයින්ට බොහොම ලෙහෙසියෙන් පුළුවන්නේ
අපරාදේ.. හෝමාගමට යන්නෙ නැතුව පාර්ලිමේන්තුව ඉවර වෙලා කට්ටිය එන වෙලාවක මග ඉදලා ඔය වැඩේ කලානම් වාර්තාවේ අගය තව වැඩි කරගන්න තිබුනා.
අපේ ආදිවාසී හෙවත් වැදි කොල්ලන් දැම්මා නම් ඊතල 60,000 උනත් විදීවි.