
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය.
"වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප දුටු විට හදවත වේදනාවට පත් වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැරදි කළමනාකරණය හේතුවෙන් ඇති වූවක් බවත් එම නිසා සිදු කළයුතු වැදගත්ම දෙයනම් රටේ නැවතත් හොඳ ක්ෂුද්‍ර ආර්ථික පදනමක් ඇති කිරීම"යැයි ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ඉන්දියාවේ එන්.ඩී.ටීවී රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බවත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකු බවත් ජොර්ජීවා මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයින්ගේ දක්ෂතාව තමයි. තවත් පව් නොදී යන්න...
පිටරටවල අය අපි ගැන දුක් වුණාට අප්පච්චිට සහ පවුලේ අයට නම් ගානක් නැහැ.. තවමත් බලන්නේ කොහොම හරි බලය රැකගන්න.
අපේ බලය අහිමි වුණු අයත් හරිම වේදනාවෙන් ඉන්නේ...!
පිටරට මිනිස්සිත් විස්සෝප වෙනවා.. රට වැටිලා තියෙන තැන දැකලා... ඒත් ලොක්කාට වගේ වගක් නෑ. මහින්ද බලන්නේ හූරාගෙනම කාලා යන තැනටත් ඒවා අරං යන්න.
පවුලක් විසින් කරපු විනාශයක් තමයි. ලෝකයේ ඕනෑම සංවර්ධිත රටක් එක රැයින් බංකොළොත් කරනවා අපේ රාජපක්ෂ පුත්තු...
මම දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. "ලංකාවේ ඉන්නා මිනිස්සුන්ට මොලේ ලබාදෙන්න කියලා"... මොකද අපේ කට්ටිය තවම කරන්නේ රාජපක්ෂ නමට තඩිබාන එක විතරයි. ඒ අස්සෙන් අනිත් අයගේ වැඩටික ෂේප්එකේ කරගෙන යනවා. අපේ කට්ටියට තේරුම් යනකොට අපි ඇඳන් හිටපු ඇඳුමත් අපිට අහිමිවෙලා ඉවරයි...