(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක සහ කාර්මික සහවයෝගීතාව වැඩිදියුණු කරගැනීම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාතය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික උපදේශක ආචාර්ය මොෂාමි ගුදර්ෂි මහතා අතර කොළඹ, ඉරාන සංස්කෘතික මධයස්ථානවේ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ පැවසීය.

පුරාවිද්‍යාව, ලේඛණාරක්ෂණ, කෞතුකාගාර සහ වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා දෙරට අතර අධ්‍යාපනික වැඩසටහන් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම, ආගමික සහවයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා වන්දනා නඩ හුවමාරු වැඩසටහන්, දෙරට තුළ නිර්මාණය වී තිබෙන උසස් තත්වයන් යුතු සම්මාණනීය චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් සංවිධානය කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.