IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට  පාඩුවක් සිදු  කළේ යැයි කියන  එම සමාගමේ  හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු  ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්   කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  අද නියෝග කළේය.

නාවල ප්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගත් සැකකරු 2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට පාඩුවක් කිරීම.,එම වසරේම ජනවාරි 26 දින මාළ දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන්  මගීන් 75 දෙනෙකු යූ එල් 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකන් ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම  හා 2014 දෙසැම්බර් දහනමයෙන් දින කටුනායක 18 කණුව පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1250000.00 මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනිණි.



අදහස් (10)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ්

AK Friday, 27 June 2025 08:22 PM

ලංකාවේ බලයට පත්වන දේශපාලකයින්ට රට දියුණු කිරීමට අවශ්‍ය වූයේ ඉතා සීමිත පිරිසකට පැමිණි... බහුතරයක් දේශපාලනයට පැමිණියේ බලය ලබාගැනීම, ඔවුන්ගේ හෝ පවුල්වල හිතවතුන්ගේ ව්‍යාපාර කිරීමට රජයේ මුදල් අයථා ලෙස යෙදවීම, මුදල් දේපල ඉපැයීම, වරප්‍රසාද ලබාගැනීම වැනි පුද්ගලික කාරණා නිසාවෙන් බව රටේ පුරවැසියන් දනී.. සහ මෙතෙක් සිදුවූ දේශපාලන කාරණා අනුව පැහැදිලිව පෙනෙන්නට ඇත. ලංකාව දියුණු කිරීමට සහ ජනජීවිතය නගාසිටුවීමට නම් දූෂණයට එරෙහිව ක්‍රියා කළයුතු බව IMF සහ ලංකාවේ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. එවැනි විදේශ ඉල්ලීම් මත පාර්ලිමේන්තුවේ සම්මතව දැනට ක්‍රියාත්මක වන්නා වූ දුෂණ විරෝධී පනත නිසා ලංකාව දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වන රටක් බවට විස්වාසය වර්ධනය වෙමින් තිබේ.

:       0       13

ravin Friday, 27 June 2025 09:11 PM

කරන කලට ලවු මිහිරිය මිනිසේ, විදින කලට දුක දැඩිවෙයි ගිනි සේ.

:       0       1

ranjith Saturday, 28 June 2025 05:20 AM

රට බංකලොත් කළේ මේ කණ්ඩායම. අර මහින්දානන්ද වගේ ගොඩ කාලෙකට ඇතුලට යවන්න තියෙන්නේ. දිට්ඨදම්මවේදනීය කරුමය පලදෙන බව මේ ආත්මෙම දැන ගන්න.

:       0       1

de silva Saturday, 28 June 2025 08:55 AM

අර එයාර් බස් ගනුදෙනුවේදී ඩොලර් මිලියන 2 අල්ලසක් ඉල්ලා ඒකෙන් ඩොලර් මිලියන 1 තම බිරිඳගේ ගිණුමට බැර කරගත් බවට චෝදනා ලබා බ්‍රිතාන්‍ය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලන්කන් එකේ හිටපු ප්‍රධාන විධායක ධුරය දැරූ කපිල චන්ද්‍රසේන නමැති පුද්ගලයාට විරුද්ධව ලංකාවේ අධිකරණයක නඩු පැවරුවා... ඔහුගේ නඩුවට වුනේ කුමක්ද කියලා විපරම් කරන්න... සමහර විට පසුගිය ආණ්ඩු කාලේ ඔහුත් ඩීල් එකක් දමලා මාරු වුණාද කියලා දන්නේ නැහැ. අර හිර ගෙදර හිර කාරයෝ ගෙදර ගියා වගේ...

:       0       0

R.T.sarath Saturday, 28 June 2025 09:03 AM

මම මේ ප්‍රශ්නය කෙලින්ම යොමු කරන්නේ ආනන්ද විජේපාල පොලිසිය භාර ඇමැති තුමාට සහ දිලීප පීරිස් මහතාට දැනට වසරකට පමණ පෙර රටේ විශාල ආන්දෝලනයකට ලක්වූ වීසා මගඩියට කෙලින්ම සම්බන්ධ බවට පැහැදිලිව පෙනී ගිය ටිරාන් අලස්ට විරුද්ධව මම දන්නා තරමින් මේ වනතුරු කිසිම පොලිස් පරීක්ෂණයක් හෝ අධිකරණයේ චෝදනා ගොනු කිරීමක් මේ වනතුරු සිදුවී නැහැ... මේ සම්බන්ධව ප්‍රකාශයක් දෙන්න පුළුවන්ද?

:       0       0

Jayasekara Saturday, 28 June 2025 09:35 AM

මේක සහ නඩය තමයි... ගුවන් සේවය කාබාසිනියා කරේ....

:       0       0

prasanna Saturday, 28 June 2025 12:00 PM

මාර චෝදනා මේවා... බස්වල සෙනග අඩු වුණොත් ඩිපෝ අධිකාරිවරුන්ටත් නඩු වැටෙයි. ඔහොම යමු.

:       15       1

fairoos Saturday, 28 June 2025 12:43 PM

හිටපු ආණ්ඩුවල හොර අල්ලනවා නම් NPP තවත් අවුරුදු 20ක් වත් බලයේ ඉන්න වෙයි.

:       0       14

Lalla Saturday, 28 June 2025 02:20 PM

ඒ කාලෙ වටකරගෙන හිටිය කිකිලියෝ එක්ක කූඩුවට යන්න තිබුණා නම් නරක නෑ නේද?

:       0       13

විපරමා Saturday, 28 June 2025 02:41 PM

කිසිම උගත්කමක් සුදුසුකමක් නැති නෑයෙක්ව දාගෙන හතර වරිගෙම ඉන්න අය, ඔවුන්ගෙ අය බුරුතු පිටින් පිනට හිතේ හැටියට සවාරි ගැහැව්වා.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site