IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දීය ගමනාන්ත විවෘත වෙයි

ඉන්දීය රජය ජාත්‍යන්තර වාණිජ මගීන් ගුවන් සේවා සඳහා රට නැවත විවෘත කිරීමත් සමඟ 2022 මාර්තු මස 27 සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දියාවේ සිට කොළඹට සහ ඉන් ඔබ්බට පියාසර කිරීමට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

COVID පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව 2000 මාර්තු මාසයේ සිට ඉන්දියාවට සහ ඉන් පිටතට වාණිජ ගමන් සීමා කරන ලදී. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් අතර ගුවන් ගමන් ආරක්ෂිත බුබුලු ආකාරයෙන් සහ විවිධ සෞඛ්‍යාරක්ෂිත නියාමනයන්ට අනුකූලව සිදුවිය. මේ මස අවසානයේදී ඉන්දියාවේ ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවා යථා තත්ත්වයට පත්වීමත් සමඟ වසංගතයට පෙර මගීන් පුරුදුවී සිටි පහසු සහ නම්‍යශීලී ගුවන් ගමන් එලෙසින්ම අපේක්ෂා කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් ගන්නා ගුවන් මගියකුට කොළඹ හරහා ඕනෑම ඉන්දියානු ගමනාන්තයකට ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇත. ඊට අමතරව ඉන්දියානු ගමනාන්ත හරහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලයේ ඕනෑම ජාත්‍යන්තර ගමනාන්තයකට යාමට මගීන්ට අවස්ථාව සැලසේ. තවද ලොව ඕනෑම තැනක සිට ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගන්නා මගීන්ට කොළඹ හරහා ගුවන් සමාගම පියාසර කරන ඉන්දියානු නගර නවයකට පහසුවෙන් සම්බන්ධ විය හැකිය. ශ්‍රී ලංකන් දැනට දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද්, ත්‍රිවාන්ද්‍රම්, කොචි, චෙන්නායි, ට්‍රිටි, මදුරෙයි සහ බැංගලෝර් යන ඉන්දියානු ගමනාන්ත වෙත සතිපතා ගුවන් ගමන් 55ක් සිදු කරයි.

කෙසේ වෙතත් එළඹෙන ගිම්හාන සමය සඳහා පූර්ව COVID මට්ටම්වලට ගැළපෙන පරිදි සතිපතා ගුවන් ගමන් 88ක් සමඟින් එහි මෙහෙයුම් දෙගුණ කිරීමට ගුවන් සමාගම සැලසුම් කර තිබේ. ඉන්දියානු ගුවන් ගමන් සීමා කිරීම් ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් ගමන් වාර ගණන පුළුල් කිරීම හැකියාව ලැබී ඇති අතර එමගින් මගීන්ට පහසු සම්බන්ධතා ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. තවද ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ට වැඩිදියුණු කළ ගුවන් ගමන් විකල්ප හඳුන්වා දෙමින් ඉන්දියාව සහ මාලදිවයිනේ ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කරමින් මෙන්ම ඈත පෙරදිග, මැද පෙරදිග, යුරෝපය සහ ඕෂනියාව වෙත පහසු ගුවන් ගමන් විකල්ප ද ගුවන් සේවය හඳුන්වාදී තිබේ.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දීය ගමනාන්ත විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site