IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට කැන්ගරු පාර්ලිමේන්තුවට

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ 47 වෙනි පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (21) පැවති ෆෙඩරල් මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ උපත ලද කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය ජයග්‍රහණය කළාය.

ඇය හෝල්ට් ආසනය සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුනාය.1988 වසරේ ශ්‍රී ලංකාවේදී උපත ලද ප්‍රනාන්දු මහත්මිය 1999 දී ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණියාය.

ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රථම කාන්තාව වන්නීය.

හෝල්ට් ඡන්ද කොට්ඨාසයේ තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙක් වූ රන්ජ් පෙරේරා මහතා පරාජයට පත් කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

ඇය ඉංග්‍රීසි භාෂාව කථා නොකරන සංක්‍රමණිකයන් සහ සරණාගතයින් හට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය.

ප්‍රනාන්දු මහත්මිය තමන් පේස්ට්‍රි සූපවේදිනියක මෙන්ම  අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින්නියකි.

ඇය සාධාරණ වැටුපක් සහ රැකියාවේ නිරත වීම සඳහා සාධාරණ කොන්දේසි ලබා ගැනීම සඳහා සටන් වදින සිල්ලර සහ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්තවල සේවකයින් වෙනුවෙන්  පෙනී සිටින්නීය. 



අදහස් (5)

ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට කැන්ගරු පාර්ලිමේන්තුවට

Prabha Sunday, 22 May 2022 12:47 PM

තමුන්ගේ රටේම කෙනෙක් පරාද කළා නම් අහන්න දෙයක් නෑ. ඒ ශ්‍රී ලාංකිකයෙක්ම තමයි.

:       32       7

LGPJ Sunday, 22 May 2022 01:47 PM

ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට මම ඇයට සුබ පතනවා..!!!

:       0       30

චමින්ද Sunday, 22 May 2022 02:02 PM

සුබ පැතුම්...!

:       0       24

ab Sunday, 22 May 2022 04:56 PM

ඇයගේ ජයග්‍රහණයට සුබපතමු. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ද රටට නව දේශපාලන වෙනසක් වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතුවේ...

:       0       9

pakeer Sunday, 22 May 2022 05:26 PM

මේවා සාමාන්‍ය දේවල්.. ඉදිරියේදී අනිවාර්යයෙන් සිංහල කොලනි බිහිවෙනවා. අනිත් රටවලත් එහෙම තමයි වෙන්න ඕනෑ. අපි ගෙම්බන් වගේ ජාතියක්... දැන් තමයි ටිකක් හරි එළියට ඇවිත් තියෙන්නේ..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 394 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site