
(පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙනිය , ගල්පොත්තෙයාය - ජූලම්පිටිය මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයකදී ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනුලැබීය .
අත් අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බවද පොලිසිය පැවසීය .
සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .25 හැවිරිදි ඔහු රැකියාව ලෙස ඇලුමිනියම් වැඩ කරන අයෙකු බවද පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම් හල් සේවකයෙකු අත් අඩංගුවට ගත් බවද මිද්දෙනිය පොලිසිය පැවසීය
විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.
ඉකුත් 21 දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රභාත් ඉන්දික නමැති 39 හැවිරිදි තිදරු පියෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රි.ල.නි.ප. අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
Perera Friday, 26 July 2024 09:05 AM
අරුන්ව ඔය වගේ අල්ලන්න බැරි දෙස්පාලුවොත් වැඩේට සම්බන්ධ නිසා