
(පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙනිය , ගල්පොත්තෙයාය - ජූලම්පිටිය මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයකදී ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනුලැබීය .
අත් අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බවද පොලිසිය පැවසීය .
සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .25 හැවිරිදි ඔහු රැකියාව ලෙස ඇලුමිනියම් වැඩ කරන අයෙකු බවද පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම් හල් සේවකයෙකු අත් අඩංගුවට ගත් බවද මිද්දෙනිය පොලිසිය පැවසීය
විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.
ඉකුත් 21 දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රභාත් ඉන්දික නමැති 39 හැවිරිදි තිදරු පියෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුන්ව ඔය වගේ අල්ලන්න බැරි දෙස්පාලුවොත් වැඩේට සම්බන්ධ නිසා