තරිඳු ජයවර්ධන සහ නිලූක සඳුන් බණ්ඩාරනායක
නායකත්ව මණ්ඩලයක් හරහා තීන්දු තීරණ ගන්නා පුළුල් පෙරමුණක් යටතේ ලබන සිකුරාදායින් පසු ස්ථාපිත කරන ජාතික රජයට එක් වන්නැයි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට ආරාධනා කරන බව හිටපු ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක සහ වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු පැවසූහ.
මෙම පුලුල් පෙරමුණ හැදීමේ සාකච්ඡා සාර්ථක වී ඇති හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට මෙලෙස ආරාධනා කරන බවත්, ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට ශ්‍රීලනිපය ඇතුලේ ලොකු විරෝධයක් මතුව ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
රාජිත සේනාරත්න මහතා සහ පාඨලී චම්පික රණවක මහත්වරුන් මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ අද (30) සවස පවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පැවති ජාතික ආණ්ඩුවට වඩා ශක්තිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රජයක් ඉදිරියේදී නිර්මාණය වනු ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී කීවේය. දිරියේ හදන ජාතික ආණ්ඩුව සමඟ එකතු වන්නේ කවුරුන්දැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද රණවක මහතා පැවසීය.
‘‘සෑම දෙනකුගේම අදහස් සාමූහිකව ක්‍රියාත්මක කරන පුළුල් සහ ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුවක් වෙනුවෙන් තමයි අපි මේ ආරාධනය කරන්නේ. මෙය හිස් අහසේ කරන ආරාධනයක් නොවෙයි. අපි පක්ෂ නායකයන් සමඟත් සාකච්ඡා කළා. අපේ පැවැති යම් යම් ප්‍රශ්න හඳුනාගෙන තිබෙනවා. ඒව මගහැර ආණ්ඩු කරන්න, රට ඉදිරියට ගෙන යන්න එකතු වන ලෙස ආරාධනා කරනවා. ‘‘ යැයි ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.
ලබන සිකුරාදා වන විට පාර්ලිමේන්තුව කැඳවනු ඇති බවත් ඊළඟට හදන ආණ්ඩුවේ ශක්තිය කොපමණදැයි එවිට බලාගත හැකි වනු ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
‘‘අද දින අපි දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් කළා. අපි මේ වන විට තීන්දු කර තිබෙනවා පුලුල් පෙරමුණක් ආරම්භ කර ඉදිරි කාල පරිච්ඡේදය ඒ පුලුල් පෙරමුණ යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න. දේශපාලන නායකයන්ගේ නායකත්ව මණ්ඩලයක් මගින් මූල්‍ය හා සංවර්ධන වැඩපිළිවෙළ තීන්දු කරමින් ඉදිරියට යන ආණ්ඩුවකුයි ක්‍රියාත්මක කරන්නේ. ඒ තුලින් අනවබෝධයන් නැති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරනවා ශ්‍රීලනිප ප්‍රධානීන්ට අපි සමඟ එකතු වෙන්න කියලා. ව්‍යවස්ථා විරෝධී බල අරගලය මේ සතියේ පරාජය කරලා එක්සත් ජාතික රජය බිහි කිරීමට ජන වරම තියෙන රජය සමග එකතු වෙන්න අපි ආරාධනා කරනවා. මෙතෙක් මේ ගැන පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථකයි. ඒ සියලුම කොටස් වලට අපි දැන් ප්‍රසිද්ධියේ ආරධනා කරනවා. ‘‘ යැයි ද රාජිත සේනාරත්න මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ හිටපු නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගීවූහ.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මෙතුවක් කල් තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩුවක්ද? එහෙමනම් ජනාධිපති තුමාගේ තීරණේ වැරදියි කියලා කියන්න බැහැ.
ඉතා හොඳ ක්‍රියාවක්.
ජයවේවා ඔබ දෙපලගේ ඔය විශිෂ්ට යෝජනාවට. ඔබ දෙපල රටට ජනතාවට ආදරය කරන කරන නායකයෝ
මේ අය එක්ක මොන ශක්තිමත් ජාතික රජයක්ද? ගත්තොත් අපි ජේවීපියට.
දැන් මේ අය කියන විදිහට මෙතෙක් තිබිලා තියෙන්නේ ශක්තිමත් ජාතික රජයන් නොවේ.
ඇයි, මහත්තුරුනේ, මෙච්චරකල් තිබුනෙත් ඔහොම ජාතික යයි කියපු ආණ්ඩුවක් නේද? ආයෙත් අච්චාරු හැලියක් හදන්නද යන්නේ? කොහොමත් දැනටමත් අච්චාරු හැලියක් තමයි තියෙන්නේ.
මේ දෙන්නා මොනවා කියනවද?
ඇත්ත කියන මරු ඩබල ආණ්ඩු හදන්න. රණවකට රැවටුණු කාලේ ඉවරයි. යන එන මන් නැතුව ඉන්න රණවකයි, අරාජික වී අතරමං වෙලා ඉන්න රාජිතයි කියන දේවල් පිළිගන්න මෝඩයෝ දැන් ලංකාවේ නැහැ. රණවක දැන් එජාපයට රිංගලා නායකකමක් ගන්නයි මාන බලන්නේ... ජාතික හෙළ උරුමය බෝඩ් ලෑල්ලක් විතරයි. තව ටික දවසකින් ජාතික හෙළ උරුමය දියවෙලා යනවා.
සුවපතිටත් කෙලවෙයි.. වගේ.
මේ කට්ටිය දාලා මොන ජාතියේ ආණ්ඩුවක් හැදුවත් ඇති වැඩක් තියේද?
මේ හැමෝම බලයේ ඉන්නකොට මේවා ගැන හිතන්නේ නැත්තේ ඇයි?කරනවානම් තරුණ පරපුරව ඉස්සරහට අරගෙන එයාලට ශක්තියක් වෙන්න ඉදිරියට යන්න.
2015 ජනවාරි ඉදලා තොපි හොරැන් ආරක්ෂාකලා, හෙරැත් සමග නිදිවැද්දා. දැන් එනවා ආණ්ඩු හදන්න. ඒ එන්නේත් රනිල් කියන බැරි බැරියා කාරයත් එක්කමද ? හැමදේම දේශපාගකයන්ගේ සැප සනිපය පතා මිසක ජනතාව වෙනුවෙන් නෙවෙයි.
දවල් හීන දකිනවා මෙයාලා...
එකම අයනේ එහාට මෙහාට පනින්නේ, ඉතින් වසර 3 ක් ගෙවිලා දන්නේ මේ හැමෝටම ප්රජාතන්ත්රවාදය මතක් වෙලා තියෙන්නේ! මෙතුවක් කල් තිබුනේ මොකද්ද? ඕකම තමා නැවතත් කරකැවෙන්නේ... දැන් මිනිසුන් අන්දවන්න ටිකක් අමාරු වේවි...
ශ්‍රී ලංකාවේ දේශපාලනය අාප්ප කාලා පස්සේ වුණුදේ.. ඒ වගේම ලක්ෂ 62ක ජනමතයට වුණුදේ.. හිතනකොට මොලේ කචල්.. අනාගතය පෙනිපෙනී මහදවල් වලවල් වලට වැටෙන මිනිස්සු නැත්තේම නැතුවා..!!!
හලෝ ඔහෙලාට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙනවා නම් මොන බම්බුවකටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කතා කරන්නේ ආණ්ඩු පිහිටුවන්න...