IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වෙරුගල්ආර ප්‍රා.ලේ.කාර්ය මණ්ඩලය සිර කර තැබීමට එරෙහිව අදත් විරෝධතා

(අමදෝරු අමරජීව )

වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය පැය ගණනාවක් කාර්යාලය තුළ සිරකර තැබීමේ සිද්ධියට එරෙහිව අද (15) එම කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක් සිදු කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැළීම නිසා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට මුහුණ දුන් ජනතාවගේ සහන සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණවී ගියේය.

ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ (15) සේවයට වාර්තා නොකළ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතාවයට මෙලෙස එක් සිටිම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි .

ජල ගැලීම්වල ආපදා සහන සේවා කටයුතුවල ගැටලු නිරාකරණය කර ගැනීමට ආපදාවලට පත් ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සුන්වූ බලාපොරොත්තුවෙන් ආපසු හැරී ගියහ

ජල ගැලීම්වලින් නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000 දීමනාව නොලැබුණු ගැටලු නිරාකරණය කර ගැනීමට පැමිණි පිරිස්ද මෙලෙස ආපසු හැරී ගිය පිරිස අතර වූහ.

වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් දහයක ආපදා සහන සේවා කටයුතු මෙලෙස අඩපණවී ගිය අතර ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඩ් අනස් මහතා ඉකුත් දහතුන් වැනිදා කාර්යාලය තුළ පැය කීපයක් සිරකර තැබීමේ සිද්ධියෙන් කම්පනයට පත්වී ඇති බැවින් දින කීපයක් නිවාඩු ඉල්ලා දිසාපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට ලැබුණි .

ඉකුත් 13 වන දින දහසකට අධික පිරිසක් වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව කඩා කාර්යාල පරිශ්‍රයේ ඉදිරිපිටට කඩා වැදිි. ආපදා සහන සේවාවල ගැටලු මතු කරමින් ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය කාර්යාලය තුළ පැය කිහිපයකට සිරකර තබා තිබුණි.එය බේරුම් කිරීමට ගිය ත්‍රිකුණාමල දිසාපති ඩබ්ලිව්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා ද එම කාර්යාලය තුළ සිරගතවී සිටීමට සිදුවිය.   

 



අදහස් (1)

වෙරුගල්ආර ප්‍රා.ලේ.කාර්ය මණ්ඩලය සිර කර තැබීමට එරෙහිව අදත් විරෝධතා

Ekmon Pathirana Monday, 15 December 2025 02:50 PM

පළමු ඡේදයේ අද 15 වෙනිදා දෙවැනි ඡේදයේ ඊයේ 15 වෙනිදා ඒක කොහොම වුණත් දිසාපතිවරයා පවා සිරකිරීමට ලොකු ශක්තියක් නැති පිරිසකට හැකියාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site