IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා

(අංජුල මහික වීරරත්න)

විස මතට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විෂ මත් ව්‍යසන පරදන " රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.

අප රට වෙලාගෙන සිටින මායාකාරී ව්‍යසනය පරාජය කරන්නට අද අප එක්වී සිටිනවා.අප ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ ගොදුරු බවට පත්වී සිටිනවා .මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ.දශක ගණනාවක් ක්‍රමිකව පැමිණි මෙය අද සමාජයම ගිල ගන්න තැනට වැටී තිබෙනවා.

මම වගේම අපේ ආණ්ඩුව මේ ව්‍යසනයට එරෙහිව හැප්පෙන්න තීරණය අරගෙන තිබෙනවා.මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගන්න තැනට පැමිණ තිබෙනවා.බන්ධනාගාර ගත වන අයගෙන් සියයට 64 ක් මත්ද්‍රව්‍ය වලට හසුවූ අයයි.

රටේ අනාගතයේ මහමග වැනසෙන විට අපට බලාගෙන ඉන්න අයිතියක් නැහැ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (2)

විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා

අන්_ර Thursday, 30 October 2025 11:37 AM

අපේ නොවන පාතාලයන් සහමුලින්ම නැති කරන්න තීරණය කලා. අපේ අයට ඕන එකක්. ජනතාවට ඕවා තේරෙන්නේ නෑ.

:       2       4

සඳමාලි Thursday, 30 October 2025 11:45 AM

හාල් මාෆියාවට එරෙහිවත්, ඉන්ධන මාෆියාවට එරෙහිවත්, තවත් බොහෝ මාෆියාවනට එරෙහිවත් ඔබගේ රජය කටයුතු කළ හැටි අප අත්දැකීමෙන්ම දැන් දන්නා නිසා මේ මාෆියාවට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කළා යන ඔබගේ සුපුරුදු කයිවාරුව ඇහෙන කොට අපට හිනායනවා ජනාධිපති තුමා. නමුත් අපි මේ කර්තව්‍යයට සුබ පතනවා. දැනට නම් මත් මඩිනවා යනුවෙන් ඔබතුමන්ලා සහ ඔබගේ පොලිසිය විසින් සිදු කරනු ලබන්නේ හුදු ඇස් නිලංකාර කරන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණයි.

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1681 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1415 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 502 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site