රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 15වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.