(අංජුල මහික වීරරත්න)

විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් රජය තවම නිශ්චිත තීන්දුවක් ගෙන නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය මාධ්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සියලු මත සලකා බලමින් අධිකරණයේ පැවැත්ම සහ වෘත්තිකයන්ගේ සේවාව රටට ලබා ගැනීම සඳහා වන හොඳ තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා කීය.

විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරන ලෙස පාර්ශව කිහිපයක ඉල්ලීම් තිබෙන අතර ඊට විරුද්ධව මතක පළ කරන අයත් සිටින බව අමාත්‍යවරයා කීය.

"පාර්ලිමේන්තුව සහ වෙනත් තැන් උපයෝගී කරගෙන මේ දිනවල විනිශ්චකාරවරුන්ට යම් බලපෑමක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා.මේවා කරන්නේ සැකකරුවන් සහ ඔවුන්ට සම්බන්ධ අයයි.

නඩු කටයුතු වේගවත් වන්නට පටන් ගැනීමත් සමග මේ කාරණය සිදුවී තිබෙනවා.රජය ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා යනුවෙන්ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.