
(බී ජී චතුරංග)
එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා එප්පාවල ප්‍රදේශයම පදිංචි 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදු කර තිබුණි.
මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිද කර ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවද පොලිසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු