
(අංජුල මහික වීරරත්න)
විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.
විදුලි මිල වැඩිකිරීම පිළිබඳ තීන්දුව දැන් තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම අතේ බවද නලින්ද ජයතිස්ස මහතා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"විදුලි බල මණ්ඩලය පසුගිය දෙසැම්බරයේ සහ ජනවාරියේ ගණනය කර පෙබරවාරි පළමු සතියේ දී මහජන උපයෝගීතා කොමිසමට සියයට 13ක විදුලි වැඩිවීමක් අවශ්‍ය යැයි ඉල්ලීමක් කළා.එම ගණනය කිරීම් කරද්දී මෙවැනි ලෝක තත්වයක් නිර්මාණය වී තිබුණේ නැහැ.ඉල්ලීම දැන් තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ.ඒ අනුව අප්‍රේල් 1 වැනිදා වන විට විදුලි බිල වැඩිවීම පිළිබඳ තීන්දුවක් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කරාවි යනුවෙන්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd