
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන්, විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුපිරි නළු තලපති විජේගේ 'තමිලග වෙට්රි කලගම්' (TVK) සමත් විය. ඒ, ආසන 108 ක් දිනා ගනිමිනි. ආසන 100 කට වැඩි ගණනක් දිනූ තනි පක්ෂය වන්නේ ද 'තමිලග වෙට්රි කලගම්' පක්ෂයයි.
ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල දත්තවලට අනුව, බලයේ සිටි මහ ඇමති එම්. කේ. ස්ටාලින් නායකත්වය දැරූ DMK පක්ෂය ආසන 59 ක් ද, ADMK පක්ෂය ආසන 47ක් ද ලබා ගෙන ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සරල බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු වුවද, විජේගේ පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 108 ක් බැවින් ඔහු කුමන පක්ෂය සමග සන්ධානගත වන්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නැත. කෙසේ නමුත්, විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ප්‍රවණතාවයක් පවතී.
මැතිවරණ ජයෙන් පසු රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට විජේගේ TVK පක්ෂය තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd