IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වැලිගමින් අයිස් කම්හලක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අයිස්  මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන වැලිගම වැලිහිද ප්‍රදේශයේ හෝටලයක් වටලා මෝල්ඩෝවා ජාතික තරුණයකු අද සවස සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

ඒ පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

අදාල හෝටලයේ වායු සමනය කළ කාමරයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

18 හැවිරිදි සැකකාර මෝල්ඩෝවා ජාතිකයා මෙරට පදිංචි කිහිප දෙනකුගේ ද සහාය ඇතිව මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසිය සැක කරයි.

එම ස්ථානයේ  තිබී අවර්ණ රසායනික දියර සහිත ලීටර් 05 බැගින් වූ කෑන් 20 ක්,ප්ලාස්ටික් බෝතල් වළ දමා තිබු රසායනික ද්‍රව්‍ය බෝතල් 04 ක් සුදු පැහැති ප්ලාස්ටික් කැබලි අඩංගු කිලෝ 05 බැගින් වු පැකට් 02 ක් සුදු පැහැති කූඩු වැනි රසායනික ද්‍රව්‍ය ඇසුරුම් 02 ක් අයිස් මත්ද්‍රව්‍යට සමාන ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පොලීසිය සොයා ගෙන තිබේ.

ඊට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කළ බව කියන වායු සමනය කළ කාමරයේ තිබී රසායනික ද්‍රව්‍ය දමා සකස් කළ ප්ලාස්ටික් තැටි 10 ක් ,තරාදියක් ,උෂ්ණත්ව මානයක් ආදී උපකරණ රැසක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

 



අදහස් (0)

වැලිගමින් අයිස් කම්හලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site