(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන සිදු කළ පරික්ෂාවේදී එයද කොටස් එකලස් කර තනා ව්‍යාජ ලිපි ලේඛන මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ලියා පදිංචි කර තිබූ එකක් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කඩවත ගනේමුල්ල පාරේ කසුන් මාවත අසල දී බව පොලිසිය කියයි.
අනතුරුව එම ප්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී කොටස් එකලස් කරන ලද වාහන වලට සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400 කට පමණ කූට ලේඛන සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලියා පදිංචි කර විකුණා ඇති බවට අනාවරණය වි තිබේ.
ඊට අමතරව එම ජාවාරම සඳහා යොදාගත් ලිපි ශීර්ෂ රබර් මුද්‍රා ;මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් කූට ලෙස සැකසූ ව්‍යාජ ලිපි ලේඛන තොගයක්, ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට අයත් ලියාපදිංචි සහතික ,ආදායම් බලපත්‍ර ධාවනයෙන් ඉවත් කරන ලද වාහන වලට විකුණු බවට සහතික ලද ව්‍යාජ ලේඛන, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල ලිපි ශීර්ෂ විශාල ප්‍රමාණයක්,
පොලිස් ස්ථාන වලින් නිකුත් කරන ලද වාහන නැති වූ බවට සඳහන් පැමිණිලි පිටපත් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන වල මුදල් ගෙවූ බවට මුදල් පොදු172 හිස් පෝරම විශාල ප්‍රමාණයක්, රක්ෂණ සමාගම් වලට අයත් ව්‍යාජ ලෙස සකස් කරන ලද රබර් මුද්‍රා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ රබර් මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වාහනවලට හොර ලේඛන හැදූ මහමොළකරු අල්ලයි
de silva berlin Friday, 14 July 2023 03:43 PM
පොලිස් නිලධාරින්ගේ ඡායාරූප පත්තරේ දැම්මාම හොරු මේ ගොල්ලන්ව හඳුනා ගන්නවා. එහෙම වුණාම ඉදිරියේදී සිවිල් ඇඳුමෙන් ගොස් කරන මෙහෙයුම්වල සහ බුද්ධි තොරතුරු රැස්කිරීමේදී මේක විශාල බාධාවක් වෙන්න පුළුවන්.
de silva berlin Saturday, 15 July 2023 03:40 PM
මේ වංචාවට දෙපාර්තමේන්තු ඇතුළෙන් උදව්වක් ලැබිලා නැද්ද?