(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භණ්ඩ මෙන්ම වාහන ද සඟවා මිල වැඩිකිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වාහන දැරිය නොහැකි වැඩි මිලට ලබානොගන්නා ලෙසත් මහා පරිමාණ වාහන ව්‍යාපාරිකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඇතැම් පුද්ගලයන් වාහන සිය ගණනින් සඟවා කෘත්‍රිම මිලක් නිර්මාණය කරමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාහන ව්‍යාපාරිකයා ඒ හේතුවෙන් රට තුළ සියලුම වාහන මිල ගණනන් 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත ඉතාමත්ම නිවැරදිය...වාහන වෙළෙන්දෝ එලියට පහලියට යනවිට අකුණු සන්නායක ඔලුවේ උඩින්ම ගැටගසාගෙන යාම ඒ ඒ තක්කඩින්ගේ ජිවිතවලට ගුණදායි වෙනු ඇත.සමහර වැඩකටම නැති පතෝල මැසිත් පුදුම ගණන් ය.
රජයට අයත් වාහන කොච්චර හදන්නෙ නැතිව අව්වට වැස්සට තෙමිතෙමි කොපමන ගාල් කර තිබෙනවද , දහස් ගනනක් එහෙම වාහන තියෙනව සාමාන්‍ය වියදමකින් ඒවා හදාගන්න පුලුවන් රජයට තියෙන්නෙ මෙව වෙන්දේසි කරන්න. මේ අවස්තාවෙ ලොකු ආදායමකුත් රජයට ගන්න පුලුවන්.
ඒකටත් ගැසට් එකක් ගහයි ද දන්නේ නැහැ .වැඩ බැරි ආණ්ඩුව හැමතැනින්ම අනාගෙන
කට්ටියක් සීනි මිලට අරන් සඟවාගෙන සිටිති. කට්ටියක් සහල් මිලට අරන් සඟවති. කට්ටියක් වාහන මිලට අරන් සඟවති. මේ ඔක්කොම කරන්නේ පසුගිය අවුරුදු 25 තුළ රට පාලනය කළ දූෂිත දේශපාලකයින් සහ ඔවුන්ගේ සගයන් සතුව පවතින කලු සල්ලි වලින්...
මේ අවවාද කරන කට්ටියම වෙන්න පුළුවන්... ලොකු ව්‍යාපාරිකයෝ... වංචාව නිමක් නෑ.
තව මොනවා හංගයිද දන්නේ නැහැ. තව ගැසට් එකක් ගහමු...