
(සුජිත් හේවාජුලිගේ )
වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරු බදු රහිත බලපත්‍රය (පර්මිට්) ලබාදීමට කටයුතු කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පවතින ආර්ථික තත්ත්ව යටතේ මේ සම්බන්ධයෙන් තව වසර කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇතැයි මෙහිදී කතානායකවරයා එම මන්ත්‍රීවරුන්ට කරුණු පෙන්වාදී ඇති බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය දිනවල මැතිසබයේදීද ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු අසන්නට ලැබිණ.
එසේම මන්ත්‍රීවරුන් පිරිසක් වාහනයක අවශ්‍යතාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ප්රධානීන්ටද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළේය.
ඒ ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුවය.
මේ තීරණය නිසා දැඩි අසාධාරණයක් සිදු වුයේ තමන්ට බව පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉරිදා ලංකාදීපයට පැවසූහ.
තමන් අද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද කුලියට ගත් වාහනවලින් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරායේ තිබෙන බෙහෙත්, ආහාර ටික නිදහස් කරගන්න.. බැරිව ඉන්නවා මොවුන්ට වාහන ඕනේ වෙලා...
කරත්තේ බඳින්න ඕන එවුන්ට මොකටද වාහන...?
ඇයි බස්වල යන්න බැරිද?
ඒ ගොල්ලන්ට අනුන්ගේ වාහන කුලියට අරන් එන්න ඕනේ නැහැ... උෟබර් හරි, පික්මි ඇප් එක දාගන්න කියන්න.
ජනතා සේවයට කැපවීමෙන් සේවය කරන මෙවන් දේශපාලුවන්ට කාර් පර්මිට් එක අරන් දුන්නොත් හොඳයි නේද? ජනාධිපතිතුමා මැදිහත් වනු නොඅනුමානයි...
ඔය කවුරුත් පාර්ලිමේන්තු එන්නේ කෝටි ගානක අලුත් වාහනයක් අරන් පරම්පරා කීපයකට හම්බ කරගෙන යන්න. රට එතනම තමයි. එතනම නෙවෙයි පස්සට යනවා....
මුන්ට ලැජ්ජ නැද්ද? මිනිස්සු බඩගින්නේ වේලක් කන්න සල්ලි නෑ, දෙන පර්මිට් එකත් මුන් කෝටි ගණන්වලට විකුණනවා. මේ වාහන ඇතුළේම දාල මොවුන්ව පරලෝකෙට අරින්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ...
සල්ලි නැත්නම් දේශපාලනයට එන්න එපා. ලොකු ලොකු අය සද්ද නැත්තේ පරම්පරා ගානකට හොයල ඉවර නිසා.
දැන් ඉන්න මිනිස්සු හරි නිවටයි. ඉස්සර මිනිස්සු වගේ පොඩ්ඩ බැරි වෙද්දී පාරට බහින, අර පාලම් සිද්ධියේදී වගේ ගෙවල් කුඩු පට්ටම් කරන ජාතියේ මිනිස්සු හිටියනන්, වාහන ඉල්ලන්ඩ නෙමේ, නිකන් මන්ත්‍රී වැටුපක් හම්බෙනවටත් පින් දිදී ඉඳියි.
රජයේ සේවකයන් ඇතුලු කාටවත් මේ වගේ බලපත්‍ර නොදිය යුතුයි.
ත්‍රිරෝද රථ පර්මිට් දුන්නා නම් හරි...!!!
මෙයාලත් රිවස් එක විතරක් තියෙන වාහන අරන් දෙන්න... දැන් සේරම රිවර්ස්නේ....