(සුජිත් හේවාජුලිගේ)
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේදී
බාරදී ඇත.
මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මෙන්ම කනිෂ්ඨ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
මේ සම්බන්ධයෙන් අප කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (28)කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි.
මෙම වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව තීරණය කළ හැකි කාරණයක් නොවේ යැයිද ඔහු සඳහන් කළේය.
එසේම මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද සාකච්ඡා කර ඇත. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.
රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බවත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය දකින බුද්ධිමත් මන්ත්‍රී වරු . එයාල දන්නව ඊලඟ සැරේ පරදින බව. ඊට කලින් සුපිරි වාහනයක් ගන්න ට්‍රයි එක.
අනාගතය දකින බුද්ධිමත් මන්ත්‍රී වරු . එයාල දන්නව ඊලඟ සැරේ පරදින බව. ඊට කලින් සුපිරි වාහනයක් ගන්න ට්‍රයි එක.
ඊළඟ පාර්ලිමේන්තුවේ මේ අය කවුරුවත් නැහැ
මේ පාලිමන්ට් එක ජනතාව පිළිගන්නේ නැහැ,ඒ නිසා කිසිම දෙයක් දෙන්න එපා අපේ බදු මුදල් වලින් ,අනික මේ වසර අවසානයේ පාලිමන්ට් එක විසිරුවනවා අනුර ජනාධිපති උනාම
ඒ මන්ත්‍රීලාගේ නාම ලේඛනයත් ප්‍රසිද්ධ කෙරුවා නම් ජනතාවට පහසුවෙයි... ඊළඟ මැතිවරණයේදී තීන්දුවක් ගන්න...!
වරප්‍රසාද දීලා තක්කඩි රැකබලා ගන්න එකම රට ලංකාව...
පාලිත මහත්තයා ඊයේ පෙරේදා මලා .. ඒ මනුස්සයා ආදර්ශයට ගනු. කවදාවත් ඒ මනුස්සයා වී8 ඉල්ල ගත්තේ නෑ. මුන්ට රථ ගාය මොනවා කරලා ද මිනිස්සු වෙනුවෙන්.. ජනපති තුමනි මුන්ට අපේ බදු මුදල් වියදම් නොකරනු.. උන්ට වී8 නම් උන්ගේ මුදල් වලින් ගන්න කියන්න.. මේ මොන නාඩගමක්ද? මහජනයා දුක්විඳිනවා.
මේ හොර තක්කඩියන්ගේ නාම ලේඛනයත් මෙහා ප්‍රසිද්ධ කරන්න.
දුන්නොත් , දුන්න අය ගැනයි ගත්ත අය ගැනයි එන ඡන්දෙ දි අපි බලා ගන්නං.
මුන්ට බදු නැති බරකරත්ත දෙන්න
මේ අවස්ථාවේ වාහන බලපත් ලබා දීම මගින් ජනපති වීමේ R වික්‍රමසිංහ ගේ අවසන් සිහිනයද කුඩේ කුඩු කර දමනු ඇත
ඕන දෙයක් කරගනිල්ලා .. මේ උඹලගේ අන්තිම ඡන්දේ... ඒකත් මතක තියාගත්තොත් හොඳයි...