(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වාහනද ගෙන්නන්නෙ කියල පැහැදිලි සින්හලෙන් කියන්න පුලුවන්ද ? රටෙ බහුතරයක් ඔය කියන කෙත ගැන දන්නෙ නැහැ
දැන් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ලැබෙනවා. අපේ නිෂ්පාදන හුඟක් පිටරටවල් වලට අපනයනය කරනවා. දැන් අවුලක් නැහැ.. අපිට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. මේක වැටිලා කිව්වට වැටිලා නැහැ. තව ටික දවසකින් ටැක්ස් එහෙමත් අඩුකරයි. ගෑස් එහෙමත් තව රුපියල් 350 න් අඩු කළානේ...!
මේ කේත ක්‍රමය අනුව මහජනතාවට ආනයනය කල හැකි පුද්ගලික වාහන මොනවද?