(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි 20  තරගාවලියේ  මංගල තරගයට  සහභාගී වීමට නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දහවල් දිවයිනට පැමිණියහ .

මෙම පළමු තරගය පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන පෙබරවාරි මස 07 වැනි දින උදෑසන 11.00 ට සිංහල ක්‍රිකට් සමාජ ( S.S.C. ) ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .