
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
එම කාල සීමාවේදී වැඩ වර්ජන 386ක් සිදුවී ඇති බවත් ඒ වැඩ වර්ජන වලින් ශ්‍රම දින හය ලක්ෂ හැට දෙදහස් තුන්සිය අසූඅටක් රටට අහිමිව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම වැඩ වර්ජන වලට සම්බන්ධ වී ඇති සේවකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පහළොස් දහස් තුන්සිය පනස් හයක් බව පවසන වසන්ත අතු කෝරළ මහතා වැඩිම වැඩ වර්ජන සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2018 වර්ෂයේදී බවද ප්‍රකාශ කළේය.
එම වර්ෂයේදී සිදුවී ඇති වැඩ වර්ජන ගණන 51 ක් බව හෙතෙම සඳහන් කළේය. අධ්‍යාපනය සෞඛ්‍ය වතු ප්‍රවාහන ඇඟලුම් යනාදී ක්ෂේත්‍රවල වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සංඛ්‍යාව 2122කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ පාඩුව ඊට වැඩියි. මොකද මේ අවුරුදු 10ක, කලින් ඒවා අද කාලෙට ගැලපෙන්න පාඩුව පරිවර්තනය කරන්න ඕන, සාමාන්‍යෙයන් අවුරුදු 8න් අගය දෙගුණ වෙනවා කියනවා. අනික මුළු රටම වහගෙන කරපු වර්ජන, ගිය අවුරුද්දේ මාස 3ක් එක ගියාට විශ්ව විද්‍යාල වහගෙන හිටියා, ඒවායේ පාඩුව...
දැන් වර්ජන නෑ. මොකද එයාලා දැන් ආණ්ඩුවේ...
දැන් එතකොට අපි තමයි වැඩ වර්ජනය කළේ...
76 වසරක ශාපයේ කොටස් කරුවෝ.. මේවා පිටුපස හිටපු අය කව්ද කියලා දන්නෝ දනිති. දැන් ඉතින් එහෙම නැහැනේ.. සියල්ල හම්බවෙලානේ තියෙන්නේ...
පිරිසිදු ජෙප්පන්ගේ වැඩ...
වැඩ වර්ජනය නැති රටක් කියන්න බලන්න. වර්ජනය නොකර ඉල්ලීම් දිනා ගන්න අමාරුයි. ලංකාව වගේ රටක...