
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැතිකිරීම සඳහා වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
කහ කිලෝවක් රුපියල් 700ට වැඩියෙන් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිය ක්‍රියාත්මක කර පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා මෙසේද පැවසීය.
“මේ රටේ කහ හිඟයක් තියනවා. ඒ හිඟය නැති කිරීමට අපි අවුරුදු එකහමාරක් තුළ රටේ කහ වගා කරනවා. එතකන් රටට අවශ්‍ය ප්‍රමාණයට වුවමනා කහ රටින් ගේන්න ඉඩ දෙනවා. මොනම හේතුවක් මතවත් ඉස්සර වගේ ඕනෑතරම් කහ පිටරටින් ගේන්න ඉඩ දෙන්නේ නෑ. ඕනෑ තරම් ගේන්න ඉඩ දීලා තමයි මේ රටේ සුලු අපනයන බෝග ගොවියා නැත්තටම නැති වුණේ. අපේ රටට අවශ්‍ය ප්‍රමාණය නැතිනම් අඩුව ගේන්න ඉඩ දෙනවා.
ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා එතුමාගේ අවසරය ඇතිවයි ඊට ඉඩදෙන්නේ. කොහොම නමුත් රටට අවශ්‍ය කහ ඇතුලු සුලු අපනයන බෝග රට තුළම වගා කිරීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කරනවා. අවුරුදු එක හමාරක් ඇතුළත රටට අවශ්‍ය කහවලින් රට ස්වයං පෝෂිත කරනවා.
කහ තියනවා. කහ හංගාගෙන ඉන්නවා වැඩි මිලට විකුණන්න. පාරිභෝගික අධිකාරියට කියලා තියනවා මේ හංගලා තිය කහ තොග ගැන සොයා බලන්න කියලා. පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන කිසිම දෙයක් අපි කරන්නේ නෑ. කහ විකිණිය යුත්තේ රුපියල් 700ටයි. ඊට වැඩියෙන් කහ විකුණුවොත් පාරිභෝගික අධිකාරි පනත යටතේ කටයුතු කරනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අපේ ළමයින්ගේ අධ්‍යාපනය අවුරුදු එක හමාරකින් ඉවර (දියුණු) කරන්න පුලුවන්ද?
මොන බොරූද.. කහ කිලෝවක් රූපියල් 5000යි. 50g ක් රූපියල් 250 යි.
ඇති යන්තම් දැන්වත් මොලේ පෑදුණා මේ තීරණය මෙච්චර ප්‍රමාද වුණේ ඇයි. පිටරටින් ආනයනය නවත්තපු එක හොඳයි ඒත් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගිකයා දුක් විඳිනවා නම් තේරුමක් නැහැ. පාලන මිල කෙසේවෙතත් ගිනි ගනන් වලට තමයි තියෙන කහ අලෙවි වෙන්නේ ඒවායේ ප්‍රමිතිය ගැන කිසිම සහතිකයක් නැහැ මෙය ඉතාමත් හොඳ තීරණයක්..
කතාව වගේම වැඩෙත් වුනානම් හොඳයි.
කහ රටින් ගෙන්වන එක එකවර තහනම් නොකර මේ පියවර දැනට මාස 3කට කලින් ගත්තානම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ.?
කහ තියෙනවා සුපර්මාකට්වල ඔර්ගනික් කහ 50g රුපියල් 600 ක්. පුලුවන්නම් අල්ලන්න.
බොරුවට අවුරුද්දට සැරයක් කුඹුරකට බැහැලා මාධ්‍ය සංදර්ශනය.
මිරිස්කුඩු හිඟයකුත් තියෙනවා නේද?
කහ, ඉඟුරු වලට හොඳ මිලක් ලෝක වෙළඳපලෙනුත් ලැබෙනවා. ඇයි අපි කහ, ඉඟුරු ලංකාවේ වවන්නේ නැත්තේ? අපේ රටේ මේ පැළෑටි හැමතැනම වවාගන්න පුළුවන්. ලෝකයේ හුඟක් නිෂ්පාදන වලට... කහ ඉඟුරු නැතිවම බැරි දෙයක්...
ඇත්තමයි මේ අපේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නැතත්, නැති එකමයි ඉල්ලන්නේ.. හරියට අර, කොච්චර තණකොළ තිබුණත්, හරක් පුන්නක්කුම කන්න හොයනවා වගෙයි. සමහර විට ක්ෂීරපායි සත්තුන්ගේ පැවත එන ජානමය තත්වයක් වෙන්න ඇති ඒ...
ලංකාවේ වගාකරන්න පුළුවන් කම තියෙද්දි සුළුවෙන් හෝ පිටරටින් ගෙනෙන එකට විරුද්ධයි. මොකද කහ නැතුව මිනිස්සු මැරෙන්නෙ නැහැනේ..
ඡන්දෙට කලින් නම් කිව්ව හැටි අපිට නම් මතකයි. හැට නව ලක්ෂයට ලැබෙන අපමණ අගයට අපේ උපහාරය.
පාරිභෝගිකයා හාමතේ සිටියත් ගොවියා ආරක්ෂා කරන්න ඕනේ...
පුදපු ගමන් කාපි යකා කිව්වලු... පටන්ගත්ත ගමන් වරද්දා ගත්තා.
අනේ ඉතින් කවුරු මොනවා කළත්, අපිට තියෙන්නේ කහ කහ බලාගෙන ඉන්න එක තමයි.