IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


වසංගතයෙන් මිදෙන්න සරල පුරුදු කිහිපයක්

(කොළඹ, ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා)

රට පුරා නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දිනෙන් දින වාර්තා වෙන ආසාදිතයන් සේම මරණ අනුපාතයද ඉහළ අගයක් ගෙන ඇත. කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන් අතුරින් බහුතරයක්ම අවුරුදු 60ට වැඩි වයස්ගත වූවන්ය. රෝහල් ධාරිතාව සේම මෝචරිවලද දිගු පෝළිම් පාහේ දක්නට ලැබීම කෙතරම් ඛේදනීයද? සංචරණ සීමා පනවා සෞඛ්‍ය මාර්ගෝපදේශනද පිළිපදින මෙන් විටින් විට දැනුම්වත් කිරීම් කෙරුණද ඒ සඳහා ජනතාවගේ ඇති අනුගත වීම කෙතරම්ද යන්න ගැටලුවකි. වසංගත තත්ත්වය මර්දනය නොවී තව තවත් තීව්‍ර වුණොත් , දිවයිනේ සෙසු පළාත්වලද ව්‍යාප්තව ගියහොත් අදට වඩා හෙට දිනයේදී අපේම ආදරණීයන් බොහොමයක් අපෙන් වෙන් වී යනු ඇත.

එබැවින් සෑම මොහොතකදීම වසංගතය උදෙසා සටන් වැදීමටත් , සෞඛ්‍ය පුරුදු එයාකාරයෙන්ම පිළිපැදීමටත්, අනවශ්‍ය ගමන් බිමන් නවතා පුරවැසි යුතුකම, වගකීම ඉටු කිරීමටත් අපි සූදානම් විය යුත්තෙමු.

එනිසාම අමතකව යන පහත පුරුදු ටික මතකයේම තබාගෙන ක්‍රියාවට නංවමු.

* හදවත් රෝග, දියවැඩියාව, ආඝාතය, ශ්වසන රෝග මෙන්ම පෙනහලු රෝගාබාධවලට අවදානම ඇති පුද්ගලයන් දැඩි ලෙස මේ කාලයේදී පරෙස්සම් විය යුතුයි.

* ඔබ කුමන හෝ නිදන් ගත රෝගයකින් පෙළෙයි නම් වෛද්‍ය ප්‍රතිකාර ⁣නිසියාකාරයෙන් ලබා ගන්න.

* අධික ස්ථුලතාව සේම දුම්පානය කරන පුද්ගලයන්ද කොවිඩ් වසංගතයේදී දැඩි අවදානමක ඉන්නා බව අමතක නොකරන්න.

* නිසි පරිදි ගුණවත්, පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වන්න.

* දෛනිකව අවශ්‍ය පමණ පිරිසුදු ජලය පානය කරන්න.

* උදාසීන ගතිවලින් බැහැරව නිරතුරු ක්‍රියාශීව ජීවත් වන්න.

* සුවපහසු , හොඳ නින්දක් ලබා ගන්න.

* ඔබ කෙතරම් කාර්යබහුල වුවද,ක්‍රියාශීලී වුවද හොඳ විවේකයකුත් ඔබට ඉතා අවැසි බව මතකයේ තබා ගන්න.

* ආතතියෙන් මිදෙන්න. හොඳ පොතක් කියවන්න. ලස්සන ගීතයකට සවන් දෙන්න.

* සරල ව්‍යායාමයක නිරත වීම ඔබේ දෛනික පුරුද්දක් කර ගන්න.

* මත් පැන් පානය, දුම් පානය,මත් කුඩු භාවිතයෙන් ඉවත් වන්න. මේවා ඔබේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය හීන කර දමයි. වසංගත කාලයකට ඔරොත්තු දිය හැකි පරිදි ප්‍රතිශක්තිය අවැසිම මොහොතක රෝගවලින් ආරක්ෂා වී නිරෝගීව සිටීමට නම් ඉහත ඇබ්බැහිවලින් මිදිය යුතුයි.

* සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති පරිදි සියලු යහපත් සෞඛ්‍ය පුරුදුවලට අවනතව ක්‍රියාත්මක වන්න. රටක් හැදීමට මත්තෙන් අඩුම ගානේ තම තමන්වත් සුරැකිව සිටින්න.

මේ අප පසු කරන්නේ ඉතාමත් තීරණාත්මක අවදියකි. මේ මොහොතේවත් පුරවැසියන් වශයෙන් අප යුතුකම්, වගකීම් අමතක කර දමා රිසි සේ ක්‍රියා කළ හොත් මේ අප ගෙවන්නේ ජීවිතයේ අවසාන දින කිහිපය විය හැකියි.

-සටහන - මාධවී ධර්මරත්න

 



අදහස් (0)

වසංගතයෙන් මිදෙන්න සරල පුරුදු කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 440 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 457 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site