(අජන්ත කුමාර අගලකඩ)
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22)ව්ශේෂ සාකච්ඡාවක් පැවති අතර,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත අද ඉදිරිපත් නොකර, තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වූ බව දැනගන්නට ඇත.
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම සහ විසිවැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා මෙම විසිඑක් වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
මේ අතර ,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් සහ අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ද ඊට සහභාගි නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් ඉවත් කිරීම අරමුණ නිසා මෙය කෙසේවත් කළ නොහැකිය ගෝඨාභය තමන්ගෙ මල්ලිට පාර වහන්නේද නැහැ. අරගලය ජයග්‍රහණය නොකර මෙම ප්‍රශ්නය විසඳීමට නොහැක.. මෙම ප්‍රශ්නය නොවිසඳා මේ රට හදන්නත් නොහැක.
කිසිම විශ්වාසයක් නැති පුද්ගලයින් ටිකක්..
මෙයාලා ගේන 21ක් නැහැ... එකම විසඳුම අරගලය..
තමන්ගේම බෙල්ල කපාගන්න පනත ගේන්න ජනපති පස්ස ගැහීම පුදුමයක් නොවේ. ඒත් ඕකට විරුද්ධ වීම පොහොට්ටුවේ අවසානයයි. නැවත දේශපාලන වැඩ කරන්න ලැබීමට නැවතීමේ තිත...
ශිෂ්ඨ සම්පන්නකමට එයාලා බය ඇති...!