
(අංජුල මහික වීරරත්න සහ පද්මසිරි ගාර්දියවසම්)
විස මත තුරන් කිරීමේ සටනට එරෙහිව නැගිටින දේශපාලන පෙරමුණ දේශපාලන වශයෙන් පරාජය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී අද (20) පැවසීය.
මත් කුඩු ව්‍යසනයේ නොපෙනෙන හස්තයක් තිබෙන අතර ඔවුන් රජයේ අරමුණ බොඳ කරන්නට මහජන උද්ඝෝෂණ,පෙළපාළි සඳහා මුදල් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. "අද සිට වෙනස් වෙමු ,විස මත නසන්නට එකට පොර බදිමු යැයි ජනාධිපතිවරයා මෙහිදී සියලු පාර්ශව වෙත ආරාධනා කළේය. තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැළිය පැවැත්විණි.
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සහ අපරාධ මර්දන මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අතින් තිළිණ ප්‍රදානය කෙරිණි.
මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක් කරන විෂමත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා :-
ලක්ෂ ගණනක් දරුවන් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරු බවට පත්ව තිබෙනවා.පවුල් සංස්ථා බිඳ දමා තිබෙනවා.මේ ව්‍යසනය ගම්මාන බියට පත් කර තියෙනවා.
මත්ද්‍රව්‍ය ලෝලියෙක් බවට පත්වන දරුවා දෙවැනි පියවර හැටියට වංචාවේ දූෂණයේ යෙදෙන්න පටන් ගන්නවා.මුලින් ගෙදර දේ සොරාගෙන ඉන් පසුව රටේ දේපොළ සොරා ගන්නවා.අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය ජාලයේ ගොදුරක් බවට පත් වී කුලියට මිනී මරන්න පටන් ගන්නවා. අපරාධ වලට අත්අඩංගුවට ගන්න අයගෙන් සියයට අනූවක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයයි.මත්ද්‍රව්‍ය ව්‍යසනය අප රටේ අනාගතයේ මුළුමනින්ම ගිලගෙන තියෙනවා.ඒ මත් ද්‍රව්‍ය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරනවා.සාමාන්‍යයෙන් අප රටේ කිසිම ව්‍යාපාරයකින් වසර සිය ගණනක් බැරි ධනයක් ඒක බෝට්ටුවෙන් හොයනවා.ඒ ධනය විවිධ කළු ව්‍යාපර වෙනුවෙන් යොදවනවා. අපේ රාජ්‍යය යාන්ත්‍රණයේ දුර්වල පිරිස් මිලදී ගන්න ඒ ධනය සමත් වෙනවා. මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම ඔවුන්ට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා ඒ ධනය යොදා ගන්නවා. ඔවුන්ට තර්ජන එල්ල වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන්. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පුරුක් ඔවුන් මිලදී ගන්නවා. ඒ නිසා බොහෝ ගම්මාන වලින් අහවල් පොලිසිය නම් මේ වැඩේ හරියට කරන්නේ නෑ වගේ කතා අහන්නට ලැබෙනවා. සමහර විට බියට පෙනවා බන්ධනාගාර නිලධාරීන් සිරගත වී සිටින අපරාධ කරුවාට ගෙදර ජීවිතයටත් වඩා පහසුකම් සැපයූ අවස්ථා තියෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමෝ, ඔබ දැන් නම් හැබෑම විහිලුවක්. විලිලැජ්ජාවක් නැති විහිලුවක්. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දකින මෝඩ පහේ උන්දැ කෙනෙක්ගේ තත්ත්වෙට ඔබතුමා පත් වෙලා. ඔබ හෑල්ලු කරන්නේ රටේ ජනාධිපතිකම. පුද්ගලිකව ඔබතුමාට මොන දේ වුණත් අපට කමක් නෑ, ඒත් රටේ ප්‍රධාන පුරවැසියා හැටියට ඔබතුමා බාල්දු වෙන්නෙ තනියෙන් නෙවෙයි රටත් එක්කම. ඒකයි අපට තියෙන අමාරුව. තමන්ගේ ලෝකල් ගවන්මන්ට් කාන්තා එම්පීගේ විදුහල්පති මනුස්සයා දරුවන්ට කුඩු බෙදන කොට, දෙහිවලදී අහු උනු මත්ද්‍රව්‍ය සම්බන්ධ ලේබල් ප්‍රින්ට් කරන මුද්රණකරු ජවිපෙ මිතුරෙක් වෙන කොට තංගල්ලට ගිහිං වහෙං ඔරෝ බාසාවෙන් ඒවා වෙන වෙන අය පිට පටවන්නට හැදුවාට ඒක සාර්ථක වෙන්නේ නෑ. පුලන්නෝ පිරිසකට ඔබතුමාගේ නීලකාස බොරු මාරයි වුණාට රටේ පොදු ජනතාවට නම් දැන් ඒවා අහලා අහලා ඇති වෙලා...
කුඩු ඇමතිගේ ගෙදර නාකොටික් එක වටලපු වෙලාවේ හෙලිකොප්ටරයෙන් ගොස් බදාගෙන බේරාගත්තු ජනාධිපතිලා හිටපු රටේ, ඔබතුමා මේ කරන උතුම් කර්තව්‍යයට මගේ ගෞරවනීය ආචාරය!! ඒ වුණාට ඉතින්, වලව්වල දන්කුඩ කන ජානගත අමන මෝඩයෝ නම් හිතන්නේ, වාහන එකලස් කිරීමේ චෝදනාවකට මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ගෙවල් වටලනවා කියලනේ.. දරුවෙක් මල්ලෙක් නැති මෙලොවේදීම අපාගත වෙන "රාජපක්ෂ නිකායේ" කහකඩ රැල හා තක්කඩි විපක්ෂ කණ්ඩායම් මත්ද්‍රව්‍ය වැටලීම් වලට විරෝධතා දක්වන මොහොතක... ගරුතර මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් පූජකයින් මේ මත් උවදුර මේ රටින් තුරන් කිරීමේ කාර්යයට රජය සමග එක්වී කටයුතු කිරීම ඉතාම අගයකළ යුතුයි. හිටපු පාලකයින්ගේ ආශිර්වාදය ඇතිව සිදුකළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා, මේ රටේ තරුණ පරපුර මෙන්ම මේ රටත් විනාශයකට ගමන් කරන වකවානුවක, ජාතියේ සැබෑ මුරදේවතාවන් පෙරමුණ ගැනීම රටට ආශිර්වාදයක්. ඊටත් වඩා, අනාගතයේදී භයානක "රාජපක්ෂ නිකායේ ත්‍රස්ත කල්ලිය" මේ රටේ බුදුදහමට කරන නිග්‍රහයට ශාසනික වශයෙනුත් නීති මාර්ගයෙනුත් වහාම පියවර ගත යුතු යයි අදාළ පාර්ශව වලින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා..
තාම මේ මහත්මයා හිතන් ඉන්නේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කියලාද? නැත්නම් රටේ ජනාධිපති කියලා අමතක වෙලාද? මත්ද්‍රව්‍ය විරෝදී සටනට අකුල් හෙලන්න රැස්වීම් තියෙනවා නම් ඒ ගැන දන්නවා නම් ඒ රැස්වීම් සංවිධානය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය නම් ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ. අනික් අප්පුහාමිලා හාන ඒවා මෙයා හෝදනවා. දැන් මෙයා හානකොට කවු ද හෝදන්නේ?
NPP ආන්ඩුව ප්‍රමුඛ රජයට අපගේ ගෞරවය හිමිවිය යුතුයි..
මත ට තිත තියෙන්න සැබෑ ම වුවමනාවක් තියෙන නායකයෙක් ලැබුණු එක රටේ දරුවන්ට සහ දෙමාපියන්ට ලොකු සහනයක්. මහජනතාවටත්, පාරක තොටක මාලයක්, කරම්බුවක් දාගෙන යන්න පුළුවන්..., දෙමාපියන්ට බයක් නැතිව දරුවන් පිට්ටනියට, ඉස්කෝලෙට පාරේ බස් එකේ යවන්න පුළුවන් වාතාවරණයක් ඉක්මනනින් ලැබේවා..! මේක ලෙහෙසි නැහැ, ට්‍රිලියන ගණන් සල්ලි එහාට මෙහාට වෙන, දේශපලනෙත් රිංගපු දේවල්. වාසනාවකට ට්‍රම්ප් මුත් එහෙන් සුද්දේ පටන් අරගෙන...
පක්ෂයෙන් 10 වැනියාත් අහුවුණා.
මොනවා, ඔයාගේම පක්ෂයේ ඔයා පරාජය කරනවා...
අනිවාර්යයෙන්ම වෙන්න ඕනෙ වැඩක්...
මෙයා අමුතු චිත්‍රයක් මවන්න හදනවා. විස මතට ගිහින් තියෙන්නේ එයාගේ පක්ෂේ දේශපාලනයයි. ජාත්‍යන්තර බුද්ධි අංශ රතු ලේබල් ගහපු කන්ටේනර් 323 ක් පිට කලේ ඔයාගේ ආණ්ඩුවනේ. දැනට අහු වුණු මුළු තොගය ගත්තත් කන්ටේනර් 323 න් බාගයක්වත් නෑ. ඔයාගේ පක්ෂේ මන්ත්‍රීලා තමයි දැනට ඕවාට සම්බන්ධයි කියලා අහු වුණෙත්...
දැන් මෙයාලාගේ දේශපාලන රැස්වීම්වල නම මතට තිත..
පරික්ෂණ කරලා බැලුවානම් තවත් දෙතුන් දෙනෙක් ඉක්මණට හම්බ වෙයි
දැන්නම් හොදටම පිස්සු...
බද්‍රානි, අදත් ඇවිල්ලා ගදගස්සලා ගිහිල්ලා...
පච කොටාට මරු වැහිලා ඉන්නේ...
තමුන්ගෙම පෙරමුණ ගැනද මේ කියන්නෙ