
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර පිළිබඳව සොයා බලන කමිටුව තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් අද (16) ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (16) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙසේ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.
පසුගිය 11 වැනිදා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු කම්ටුව හමුවේ සාක්ෂි ලබාදීම සිදු වූ අතර ඉන් එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීමට එදින නොහැකි විය. මේ නිසා එම සාක්ෂිකරුද අද දින පැමිණි අතර ඔහුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීම සිදු විය.
සාක්ෂිකරුවන් 7 දෙනෙකු කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අවසන් අතර හෙට (17) දිනද පෙ.ව. 9.30 පරීක්ෂණ කමිටුව රැස්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විෂමාචාර ගැන කියන්න අදත් තුනක් දේශබන්දු කමිටුවට