(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගාල්ල කරාපිටිය මහ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ ගෙල පැලැඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
කඩාගෙන ගිය මාලයේ වටිනාකම වටිනාකමරුපියල්140,000වන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරියගේ මාලය කඩාගෙන පලාගිය පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
ගාල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් රන් මාලය කඩාගෙන ගිය පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂාංග දොස්තර කියලා මංකොල්ලකාරයෝ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ ලෝකෙට පෙනෙන්න රත්තරන් පළඳිනවා
කළුතර කෙනෙක් වෙන්න බැරිද ?