(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනකුට “සායනික මහාචාර්ය” පදවි පිරිනැමීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (26) පැවැති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා එම මහාචාර්ය පදවි පිරිනැමීය.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.අයි. අමරසිංහ, එරන්දි සමරකෝන්, එම්.සදානන්දන්, එස්.එල්.එෆ්. අක්බාර්, එස්.කේ රණරාජා, සනත් ලැන්රෝල්, එස්.බී ඒකනායක,ගෞරි සෙන්තිල්නාදන්, එස්.ශිවසුමිත්රඩන්, රාණි සීතාම්භපිල්ලේ, දර්ශන ද සිල්වා, එම්.එන් ජිෆ්රි,ටී.කටොට්ගජන්, ක්‍රිෂාන් සිල්වා, නිශේන්ද්‍ර කරුණාරත්න, එච්.එම්.ජේ.එන්.හේරත් යන මහත්ම මහත්මීහු මෙලෙස සායනික මහාචාර්ය පදවි සහතික අග්‍රාමාත්‍යවරයාගෙන් ලබා ගත්හ.
මහාචාර්ය ඩී.ඒ රණසිංහ අනුස්මරණ දේශනය මෙහිදී මහාචාර්ය එස්.එච් දොඩම්පහල මහතා විසින් පවත්වන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සායනික මහාචාර්ය" දේශපාලනඥයින් දෙන අලුත් මහාචාර්ය පට්ටමක්... සිතෙනා විදිහට මේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්, Msc උපාධියත් පාස් අය වෙන්නට ඇති. පළපුරුද්ද හා ඔවුන්ගෙන් සිදුවූ විශිෂ්ඨ සේවය සඳහා වෛද්‍ය විද්‍යාලය හෝ විශ්ව විද්‍යාලයක මාර්ගයෙන් ආචාර්ය උපාධිය ප්‍රධානය කළේ නම් කෙතරම් අගනේද? එසේ වූවා නම්, එයට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබෙන්නට ඉඩ ප්‍රස්ථා තිබුණා...
රාජකීය දොස්තර ඒළියන්ත වයිට් හිටියා නම් මහාචාර්යකම ඉහළින්ම ගන්න තිබුණා...
පවුල් පාලනේ උදවියටත් ආචාර්ය පට්ටම් දීපු රටක්. අපිට මතකයි, කාලයක් හන්දියක්, හන්දියක් ගානේ, ලයිට් කණුවල ඒ වගේ දර්ශන දකින්න තිබුණා. සමහර දේශපාලුවෝත් ඉන්නවා... පට්ටම් තියෙන... මොන හේතුවකට ලැබුණාද කියලා කවුරුවත් දන්නේ නැතුව ඇති...
කුලපති සූප්පුවා ඉවරයි... දැන් මහාචාර්ය සූප්පුවා... ඔහොම යමු.
මොනවද මේ විකාර. මේවා පුද්ගලීකරණය වූ උපාධි .. මෙතැන එක එකා තම තමන්ගෙ පිට කහ ගන්නවා .මේ උපාදි පිළිගන්නෙ අපේ රටේ විතරයි. මම දන්නවා මේ හැම උපාදි කාරයොම වියත්මගේ හවුල් කරැවන් කියල.මේවා බොරදියේ මාළු බෑමක්.!
රට කන එකේ සීමාවක් නැහැ. පිටරටකට කෙනෙකුට අපි කොහොමද මේ මහාචාර්යකම් ගැන විස්තර කරන්නේ. ඒ මිනිස්සු පුදුම වෙනවා. මේ වගේ කරන එක ගැන. මොකටද ඇත්තටම මෙහෙම මහාචාර්යකම්? මේවා ගන්නේ ඇයි?. මේ අයට නියමිත ක්‍රමයටම ගත්තා නම් නේද වටින්නේ? හැමදේම කෙටි පාරවල් වලින් කරලා රටට ආදර්ශ දිලා අන්තිමට රටේ විනයක් නැහැ කියලා කෑගහලා වැඩක් නැහැ.
ඊළඟසැරේ බාල පුතාටත් මේ පදවි පිරිනමන්න. දැනට මේක විතරයි එයාට අඩු...
මහාචාර්ය පට්ටමත් දියාරු වෙලා...