IMG-LOGO

විශේෂඥ වෛද්‍යවරු 195ක් රට හැර ගිහින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෑත කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 195 ක් රට හැර ගිහින් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සෞඛ්‍ය ඩිජිටල්කරණය සඳහා අයවැය මුදල් වෙන්කර තිබෙනවා.ඒක හොඳ තීරණයක්.සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩ නගන්න නම් අලුත් තාක්ෂණය සමඟ යා යුතුයි.රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වෙනවා.එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුදල් වෙන් කිරීම අප අගය කරනවා.වසංගත රෝගී තත්ත්වයන්ට මුහුණ දීම සඳහාද අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. එයද අගය කළ යුතුයි. 
හොඳ දේවල් වලට හොඳයි කියන්න අප කුහක වන්නේ නැහැ.

එදා අප සුව සැරිය අරඹන කොට බිල්ලන් මැව්වා.රෝ ඔත්තු සේවය එන බව කිව්වා.නමුත් සුවසැරිය හරහා ජීවිත ලක්ෂ ගානක් බේරාගෙන තිබෙනවා යනුවෙන්ද කාවින්ද ජයවර්ධන මහතා කීය.



අදහස් (11)

විශේෂඥ වෛද්‍යවරු 195ක් රට හැර ගිහින්

රම්බොඩ Thursday, 06 March 2025 02:12 PM

රටේ සල්ලි වලින් ඉගෙනගෙන මොන හේතුවකටත් රට හැර නොයා රටට සේවය කරන රත්තරන් හදවත් ඇති මිනිසුන් ඉන්නවා. ඒ ගැනයි කතා කළ යුත්තේ. ගිය අයගෙන් වැඩක් නෑ.

:       12       33

Lalla Thursday, 06 March 2025 04:30 PM

මහජන බදු මුදලින් ජාතික විශ්ව විද්‍යාලවල ඉගෙනගත්තු අය යම් කාලයක් රටට සේවයට බැඳී සිටිය යුතුයි නේද? නැතිනම් උසස් අධ්‍යාපනය මිලකට යටත් කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය උසස් පෙළින් අවසාන කළ යුතුයි.

:       3       12

සුදන්ති Thursday, 06 March 2025 06:06 PM

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට හදන්න එපා, මගේ රම්බොඩ...

:       3       5

යෝගා Thursday, 06 March 2025 02:13 PM

ඇයි ඒගොල්ලන්ට ආලෝක වර්ෂ කුමාරයගේ පොහොසත් රට ගැන විශ්වාසයක් නැද්ද?. දැන් අපි විදුලිය නිපදවන්නේ ටොන් ගණනින්, කන්ටේනර් පන්නන්නේ තුන්සිය ගණනින්. අපරාදේ දාලා යන්නේ.

:       28       10

දුමින්ද Thursday, 06 March 2025 02:29 PM

වෛද්‍යවරුන් නොමිලේ ඉගෙන ගන්නවානේ මූලික උපාධියට මෙහෙ. එහෙම අයට අනිවාර්යයෙන්ම රජයේ සෞඛ්‍ය සේවයේ යෙදිය යුතු අවුරුදු ගානක් නිර්දේශ කරලා දැඩිව ක්‍රියාත්මක කරන්න. අඩුම තරමේ අවුරුදු දහයක් වත්. ඒ අනිවාර්ය කාලය සම්පූර්ණ නොකරන අයට විදේශ ගත වෙන්න දෙන්න එපා. බදු ගෙවන දුප්පතාට අසාධාරණයි නේද නැත්තං? නොමිලේ හොඳ සෞඛ්‍ය සේවාවක් දුවන්න බෑ මෙහෙම වෛද්‍යවරු හිතුමනාපේ යන්න ගියොත්.

:       3       28

kamal Thursday, 06 March 2025 02:37 PM

වෛද්‍ය උපාධීයට බඳව ගන්නකොටම ගිවිසුම් ගහන්න ඕනි රටින් යනවනම් උපාධියේ වියදම රජයට ගෙවන්න ඕනි කියල. දැන් දොස්තරල කියවගෙන ඒ ඇයි අපි විතරද නිකන් ඉගෙන ගත්තෙ කියල. වෙන වෘත්තිකයන්ට ඒක අදාල නෑ. මොකද හිඟයක් නෑ.පුද්ගලික වි වි පවා බිහි කරන්න පුලුවන් මෙය්ල උපාධිය ගන්නෙ තව කෙනෙක්ට දෙන්න පුලුවන් අවස්ථාවක් නැති කරල. පුද්ගලික වි වි දාන්න දෙන්නෙත් නෑ. ඒ නිසා දොස්තරලට විතරක් ඒ කියන්නෙ රටට අතිරික්තයක් එනකන් ගිවිසුම් ගහන්න ඕනි. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්නවනම් ගිවිසුම් ඕන නෑ. ගියාට කමක් නෑ.

:       6       19

සෙනෙවිරත්න Thursday, 06 March 2025 02:50 PM

සුව සැරියට බිල්ලෝ මවපු කට්ටියත් එක්ක එකට කෑව අමතකද පහුගිය දවස්වල? ඒගොල්ලො සමහරක් රට හැර යන්නෙ තම තමන්ගෙ හෘද සාක්ෂියට එකඟවද කියල ප්‍රශ්නයක් තියෙනවා. සමහරු ඉගෙන ගන්න ගිහින් නෑවිත් ඉන්නවා.

:       4       7

ජිල්බු Thursday, 06 March 2025 03:10 PM

තව පහක් ගියොත් රවුම් ගාණක් හින්දා මතක තියාගන්න ලේසියි...!

:       0       10

Kamal Koyrala Thursday, 06 March 2025 03:48 PM

ඔබලා නොවේ සුවසැරිය ගෙනාවේ... එහි අයිතිකරු හර්ෂ... බිල්ලො මවපු අය ලෙමන් පෆ් කාලා ගියා.

:       4       5

Kamal Koyrala Thursday, 06 March 2025 03:51 PM

උගත් අය තම පවුලේ සුබසිද්ධිය සඳහා රට හැර යනවා. තම දේශපාලනය තරම් උපයන්න, සැපට ඉන්නනූගත් මාරයින්, කප්පම්කාරයින්, පාතාලය, පගාකාරයින්, මහජන මුදල් හොරාකනවුන් රට විකුණන කොට කොහේ ඉන්නද?

:       1       7

සෑම් Thursday, 06 March 2025 06:44 PM

මොවුන් කට්ට කාලා A /L පාස් කරලා වෛද්‍ය විද්‍යාලයට යන්නේම කවදා හරි විදේශගත වෙනවා කියන අරමුණෙන්මයි. නැතුව මේ පඩිමදි කතා හින්දා රජයේ වැරදි හින්දාම නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site