(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (24) උදේ 10:30 ට පැවැත්වේ.
සියලුම පක්ෂ නායකයන්ට මේ බව දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 29 වැනිදා සඳුදා පැවැත්වීමට දැනටමත් තීරණය කර ඇත.
එම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.
මීට අමතරව ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අයවැය විසර්ජන පනත් කෙටුම්පත ( අතුරු අයවැය) පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය මේ මස 30,31, ලබන මස 1 වැනිදා සහ 2 වෙනිදා පැවැත්වෙනු ඇත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉකුත් 9වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී