(හර්ෂණ තුෂාර සිල්වා)
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලු පාර්ශවවලට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවැසීය.
ඉහළම අධිකරණ බලතල ඇතිව එම පරීක්ෂණ මණ්ඩලය පත් කර ඇති බවත් සති දෙකක කාලයක් ඇතුළත එම වාර්තාව ලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂ ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය.වාර්තාව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන බවත් ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා එහිදි පැවසීය.
පාස්කු ඉරිදි ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් සමත්වූ ආරක්ෂක අංශවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කෘතඥතාව පළ කළ අතර අතර රටේ කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යෑම සඳහා එහි නිලධාරීට උපදෙස් දුන්නේය.
පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම වගන්තිය - මේ සිද්ධියට අදාළ වග උත්තරකරුගේ නම මෛත්‍රීපාල නම් වූ වගයි..
ඔය වාර්තාව ඔබතුමාගේ පහසු තැනක තබා ගන්න. මිය ගිය අයගේ නෑදෑයින්ට ඔය වාර්තාව කොතරම් වටිනවා දැයි උකුණු මොලයක් ඇති අයට තේරුම් ගැනීම ඉතාම අපහසුයි.. දෙවි පිහිටයි... ඔබටත්, අපටත්...
තමන්ටත් චෝදනා එල්ල වෙලා තියෙනකොට තමන්ම පරීක්ෂණ කරලා වැඩක් නෑනේ. එහෙමනම් පාර්ලිමේන්තුවෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරන්න තිබුණා. මේවා නිකම් අපේ සල්ලි කන්න කරන සංදර්ශන විතරයි.
මේ රට විනාශ කරපු මහබැංකු වංචාව සම්බන්ධ කල ජනාධිපති පරීක්ෂණ වාර්තාවද මෙසේ මුළුමනින් ජනතාව අතට පත් කරන්න ජනතාවගේ මුදල් වලින් කොමිසන් ක්‍රියාත්මක කරලා එම වාර්තා සියලු පාර්ශවවලට විවෘත කරන්න
අපගේ බදු මුදල් වලින් ජිවිතේ රැක ගන්නා මෙන්ම සිය පවුලද රැකගන්නා රටේ මුල් පුරවැසියා වන මෛත්‍රීපාල සිරිසේන මයාගෙන් මෙසේ කරුණක් විමසීමට කැමැත්තෙමු. අඩුතරමින් ඔහේගේ ලේකම් හෝ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙයි යන්න අපගේ අදහසයි ( මෙය පාට කන්නාඩි පැළද අසන ප්‍රශ්නයක් නොවන බවත් සදහන් කිරීමට කැමැත්තෙමු, එමෙන්ම ජාතිවාද නමැති පටු අදහසකින් ද අසන ප්‍රශ්නයක් නොවන බවත් සදහන් කරන්නෙමු) මෙම මාතෘකාවට අදාළ නොවුනත් අප පිළිතුරු නම් බලාපොරොත්තු වන්නෙමු.
මෙයා මහා බැංකු කොල්ලයේ වාර්තාව ගැන කිව්වෙත් ඕකමනේ, කෝ ඉතින් ඒ වාර්තාවත් අද වෙනකම් මහජනයාට ලැබුණද. මලකඩ කාපු කඩුව කොස් කොටන්නද? මඩු වලිගෙ කුණුවෙලා උස්සපු තැනම.
ඇයි එල්ලුම් ගහ ඇස්බැස්ටෝස්, මයිලෝ, ශ්‍රී ලන්කන් එයා රටකජු, මතට තිත, දුන්කොල තහනම, පොලිතින් තහනම, යහපාලනය තව කීයක් දේවල්නම් මේ යුග පුරුෂයා කලාද අපි වෙනුවෙන් අනේ පවු.